Colombo Today Local News

ගැසට් නිවේදනය මහින්දගේ නමින් ප්‍රකාශයට පත් කළේ මහ බැංකුවේ උපදෙස් මතයි – මුද්‍රණාලයාධීපති

මත භේදයකට ලක්ව ඇති බැඳුම්කර ගනුදෙනුවට අදාළ ගැසට් නිවේදනය මහින්ද රාජපක්ෂ මහතාගේ නමින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ උපදෙස් මත බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසන්නීය.

සිද්ධිය සමබන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඇය අද (27) මේ බව කියා සිටියාය.

අදාල ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මහජන ණය දෙපාර්තමේන්තුව විසින් දන්වනු ලැබුවේ 2016 වසරේ දෙසැම්බරයේදී බව ද රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළාය.

මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ නම එම ගැසට් නිවේදනයේ තිබීම පිළිබඳ නැවතත් විමසූ බව පැවසු ඇය, එවිටද රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව උපදෙස් දුන්නේ එම නම සහිතව ගැසට් නිවේදනය මුද්‍රණය කරන ලෙස යයිද ප්‍රකාශ කළාය.

ප්‍රශ්නගත ගැසට් නිවේදනයේ අන්තර්ගත විය යුතු තොරතුරු රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ එන්.ජී.වයි.සී. විරසිංහ නම් නිලධරියා විසින් 2016 වසරේ නොවැම්බර් 18 වන දින ලිඛිතව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට ලබාදුන්නේ යයිද මුද්‍රණාලයාධිපතිනිය වැඩි දුරටත් සඳහන් කළාය .

Related posts

කළුදිය පොකුණ හෝටලයක දෙන්න කිවුවා. පාර්ලිමේන්තුවට කැඳවා ඉස්ලාම් දේශපාලකයන් මාව අපහසුතාවයට පත් කළා. පුරාවිද්‍යා අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්

colombotoday

සති­ය­කදී ඇල්ලූ ගංජා හා මත්ද්‍ර­ව්‍ය වටිනා­කම රු. මිලි­යන 950ක්

colombotoday

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුපට ගැන අලුත් චක්‍රලේඛයක්

Admin

වද සැත්කම් ප‍්‍රශ්නයෙන් ඇමති සබ්රි කෝප වෙයි.. පාර්ලිමේන්තුව උණුසුම්

colombotoday

පාන් ගෙඩියකුත් රු 5කින් ඉහළයි

colombotoday

පාසල් පෙළ පොත් සහ නිල ඇදුම් ගැන නිවේදනයක්

Admin