Colombo Today Local News

බැඳුම්කර ජනපති කොමිසමේ සාක්කි විමසීම අත්හිටුවයි !

වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමේ දිනය සම්බන්ධයෙන් මතු වු ගැටළු සහගත තත්වයක් හේතුවෙන් බැඳුම්කර කොමිසමේ සාක්කි විභාග කිරීමේ කටයුතු වහාම අත්හිටුවීමට තීරණය කළ එහි කොමසාරිස්වරු තීරණය කළහ.

එම දිනය කවදාද යන්න හෙළි කරගැනීම සඳහා රජයේ මුද්‍රණාලයාධිපතිවරයාගෙන් වහාම ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස කොමිසමේ විමර්ශන නිලධාරීන්ට නියම කෙරිණ.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් වු ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය එල්.එච්.එස්. සමරතුංග මහතා සාක්කි දෙමින් සිටියදී භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමේ දිනය සම්බන්ධයෙන් ගැටළු සහගත තත්වයක් මතු වු අතර ඒ අනුව ඒ මහතාගෙන් සාක්කි විභාග කිරීම ලබන 27 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට එහි කොමසාරිස්වරු තීරණය කළහ.

මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්්‍ය එල්.එච්.එස්. සමරතුංග මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් සිටියදී භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළ 1895/19 දරණ ගැසට් නිවේදනය පිළිබඳව ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටියදී එම ගැසට් නිවේදනය නිකුත් කිරීමේ දිනය පිළිබඳව අවධානය යොමු කෙරිණ. 2015/01/01 වැනිදා සිට 2015/12/31 වැනිදා දක්වා කාලය සඳහන් වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව එහි දැක්විණි.

Related posts

නුවරඑළියටත් විශ්වවිද්‍යාලයක්

Admin

වැට් 15% දක්වා ඉහළට, දැන් ක්‍රියාත්මකයි.. දුරකථන, අන්තර්ජාල බද්ද 48% තෙක් නගී

colombotoday

පිංවත්තේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Admin

මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන කියන්න දුරකථන අංක කිහිපයක්

Admin

බීමතින් පැමිණි සැමියාට බිරිඳගේ දඩුවමින් දිවි අහිමි වේ.

Admin

ඇතැම් මුස්ලිම් පක්ෂ වැඩකරන්නේ රහසිගත න්‍යාය පත්‍රයන්ට – ඇමති ෆයිසර්ගෙන් හෙළිදරව්වක්

colombotoday