Colombo Today Local News

“අපි හදපු ආණ්ඩුවෙන් පිටවෙලා යන්නේ මොකටද”

ආණ්ඩුවෙන් පිටවී යෑමට කිසිම අදහසක් නැතැයි ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

“අපි හදපු ආණ්ඩුවෙන් පිටවෙලා යන්නේ මොකටද ” යනුවෙන්ද ඔහු ප්‍රශ්න කළේ‍ය.

මෙසේ පැවසුවේ කොළඹදී මාධ්‍ය වලට අදහස් දක්වමිනි.

මහින්ද සුළඟ නුගේගොඩින් අවුලවා ගත් දින සිට පැමිණි ගමනක අවසාන ප්‍රතිඵලය ලෙස මෙම ආණ්ඩුව ඇරඹුණු බව සිහිපත් කළ නානායක්කාර මහතා ජනාධිපතිවරයා සමග ඉදිරියට ගමන් කිරීම එකම බලාපොරොත්තුව බව ද සඳහන් කළේය.

නමුත් රටට අහිතකර දෙයක් සිදු වන්නේ නම් එය මතුකර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

ශ්‍රී ලංකාවට සේලයින් නිෂ්පාදන කර්මාන්තශාලාවක්

colombotoday

රෙද්දේ බද්දත් ඉහළට… සෙස් බද්දට අමතරව 15%ක වැට් බද්දක්…

colombotoday

තිරසාර සංවර්ධන පනත උතුරු පළාත් සභාව ප්‍රතික්ෂේප කරයි

colombotoday

මාලිමාවේ පවුල් දේශපාලනයට කිසිම ඉඩක් නෑ

Admin

කිරිපිටි කිලෝව රු. 300 කින් ඉහළ යන ලකුණු

colombotoday

චාවකච්චේරි බෝම්බකරු එඩ්වඩ් ජූලියන්, ප්‍රභාකරන්ගේ සමීප සගයෙක් !

colombotoday