සයිටම් ආයතනය සම්බන්ධයෙන් දුන් අධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකරන්නේ නම් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහාත වහාම වෛද්‍ය සභාවෙන් ඉවත් විය යුතු බවත්, එසේ නොවන්නේ නම් සෞඛ්‍ය ඇමති ධුරයේ බලතල පාවිච්චි කර ඔහු එම තනතුරෙන් ඉවත් කිරීමට රාජිත සේනාරත්න ඇමතිවරයා කටයුතු කළ යුතු යැයි අධ්‍යාපනයේ නිදහස සදහා වූ ජාතික ව්‍යාපාරය පවසයි.
එහි කැදවුම්කරු හෙද සේවක සමන් රත්නප්‍රිය සදහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කාලෝ ෆොන්සේකා මහතාට වෛද්‍ය සභාවේ මුල් පුටුව පිරිනැමුවේ සයිටම් ආයතනයට ලියාපදිංචිය ලබා දීමේ පොරොන්දුව පිට බවයි. ඊට අදාල තොරතුරු තම සංවිධානය සතු යැයිද ඔහු කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.