Colombo Today Local News

ඊළම දෙන්න කුමන්ත්‍රණය කරන පාර්ලිමේන්තුවේ 4ක් ගැන හේමකුමාර හෙළිකරයි

දෙමළ ඩයස්පොරාවේ උවමානවන් ඉටු කිරීමට කුමන්ත්‍රණය කරන පාර්ලිමේන්තුවේ හතර දෙනෙකු ගැන ඉදිරියේදී හෙළිදරව් කරන බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි.

අගුණකොළපැලැස්සේ පැවති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා මේ බව හෙළි කලා.

සියළුම පළාත්වලට සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බවත්, උතුරු පළාතට පමණක් සීමා වූ විශේෂ ප්‍රශ්නයක් නොමැති බවත් හෙතෙම අවධාරණය කළේය.

විග්නේෂ්වරන් මහ ඇමතිවරයාගේ බෙදුම්වාදී ප්‍රකාශ රටේ ජාතික ආරක්ෂාවට බලවත් තර්ජණයක් බවත්, අසමමිතික ලෙස උතුරු පළාතට බලය බෙදීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් ඒ පිටුපස රාජ්‍ය නොවන සංවිධානයක ඩොලර් හිගාකන කිහිප දෙනෙකු සිටින බවත් හේමකුමාර නානායක්කාර මහතා පැවසීය.

https://youtu.be/zCwVU2azn7c?t=228

Related posts

රංජන්ගේ හඬපට වලින් ‌එළිවුණේ පසුගිය ආණ්ඩුවේ නිරුවතයි – ප්‍රසන්න

colombotoday

අඩු ආදායම්ලාභී පවුල්වලට මුදල් සහනයක්

Admin

ෆාමසියෙන් ගත් බෙහෙත් බී කතක් මියයාම ගැන විමර්ශන අරඹයි

Admin

භිෂණයේ අදුරු සෙවණැළි නැවතත් මතුවෙලා.. මෙහෙම ගියොත් නැවත ප්‍රභාකරන්ලා බිහිවෙයි !

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

අදත් ඇතැම් ප්‍රදේශවලට විදුලිය විසන්ධි විය හැකියි – CEB කියයි

colombotoday