Colombo Today Local News

ඕන ගොනෙකුට ඇමතිකම් බෑ.. අමාත්‍යාංශය දියණියගේ මුස්ලිම් පෙම්වතා යටතට !

මානුෂීය මෙහෙයුමේ දී කොටි ත්‍රස්තවාදීන්ගේ නියත පරාජය දැක දැක හමුදාවට සමච්චල් කළ එවකට විපක්ෂයේ දේශපාලඥයන් කිහිපදෙනා අතර, වත්මන් රජයේ ප්‍රබල ඇමති ධුරයක් දරන ඇමතිවරයෙකුගේ දියණියගේ පෙම්වතා විසින් එම ඇමතිවරයාගේ අමාත්‍යාංශයේ බොහෝ කටයුතු තමන් යටතට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන එම ප්‍රබල ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන්නේ ඇමති දියණිය වන අතර, අමාත්‍යාංශයේ සියළුම මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන්නේ ඇයගේ අධීක්ෂණය යටතේය. එංගලන්තයේ අධ්‍යාපනය ලබන සමයේ හදුනාගත් ඇයගේ මුස්ලිම් ජාතික පෙම්වතා, සිය පෙම්වතියගේ පියා ඇමතිවරයෙකු වීමෙන් පසුව ලංකාවට පැමිණ ඇති අතර, ඇමතිකමක් නොලබා අමාත්‍යාංශයක් මෙහෙයවීමේ භාග්‍ය ඔහුට හිමිව තිබේ.

මේ වන විට අදාල අමාත්‍යාංශය හරහා සිදුකෙරෙන සංවර්ධන ව්‍යාපෘති බොහෝමයක කොන්ත්‍රාත් ලබාගෙන තිබෙන්නේ ඇමති දියණියට අයත් සමාගමක් වන අතර, ඒවා උප කොන්ත්‍රාත් සමාගම්වලට ලබා දීමෙන් විශාල මුදලක් උපයන බවද සදහන් වේ. කොන්ත්‍රාත් ලබා දීම් සහ අමාත්‍යාංශයේ අනෙකුත් ගණුදෙනුවලදී මුස්ලිම් පෙම්වතා සෘජුවම මැදිහත් වන අතර, ඒ හරහා ඔහු විශාල මුදලක් අයතා ලෙස උපයන බවද අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ඇතැම් අවස්ථාවලදී ඔහු අමාත්‍යාංශ නිලධාරීන්ටද බලය පෙන්වමින් හැසිරෙන බවත්, මේ නිසා අමාත්‍යාංශ නිලධාරීන් ද දැඩි ලෙස අපහසුතාවට පත්ව සිටින බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

Related posts

මහා සංඝරත්නය පිටකොටුවේ සත්‍යග්‍රහයක් අරඹයි – විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විරෝධතා පෙළපාලියකින් කොළඹට

colombotoday

අලි සහීර් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

Admin

යුද අපරාධ සිදුවූවානම් වගකිව යුත්තේ හමුදාපති ෆොන්සේකායි.. යුද්ධයට අණ දුන්නේ ඔහුයි (Video)

colombotoday

යහපාලන සංවත්සරය අදයි.. අවුරුද්දක කෙරුවාව මාතරදී නටා පෙන්වයි

colombotoday

හම්බන්තොට විහාරයකට ගිනි තබා පළා ගිහින් !

colombotoday

කතානායක බරහිට බලල් අතක්.. සුපිරි හෝටලයක සුද්දන් හා කුමන්ත‍්‍රණ…

colombotoday