Colombo Today Local News

පෙරළියත් අත ළගයි.. මන්ත්‍රී ශාන්ත බණ්ඩාරගෙන් ප්‍රකාශයක්

‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා මන්ත‍්‍රීවරුන් අතරින් දෙවන පෙළ හා තෙවන පෙළ නියෝජනය කරන විශාල කණ්ඩායමක් ඉදිරි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා අත්වැල් බැඳගනිමින් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ඉදිරියට යාමට සූදානමින් සිටිනවා’ යැයි ශ්‍රී.ල.නි.ප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඒ නිසා ඉදිරි කාලයේදී විශාල පරිවර්තනයක් වන බව ද ශාන්ත බණ්ඩාර මහතා පවසයි. පළාත් පාලන මැතිවරණය පැරණි ක‍්‍රමයටම පැවැත්විය යුතු බව ඇතැමුන් දැන් ප‍්‍රකාශ කළත් එදා පාර්ලිමේන්තුවේ සිටි සියලූ දෙනා අත උස්සා නව ක‍්‍රමයකට එකඟ වූ බව කී සභාපතිවරයා ඇතුලේ එක් දෙයකුත් එළියට පැමිණ තවත් දෙයකුත් පැවසීම අනුමත කළ නොහැකි බව ද ප‍්‍රකාශ කරයි.

Related posts

සජිත් පැන්ෂන් යවා විපක්ෂය අපිට දෙන්න

Admin

ඇවන් ගාඩ් නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කරයි

colombotoday

සජිත් ඉල්ලා යාපනේ වැසියෝ පොල් ගසති !

colombotoday

විවාහ යෝජනාවට අකමැති වූ 14 හැවිරිදි දැරියට දත් කැඩෙන්න ගහලා… – පියා සහ සීයාත් රෝහලේ

Admin

ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි. ප්‍රභාකරන්ගේ රුව Facebook දැමූ දෙදෙනා 21 දක්වා යලි රිමාන්ඩ්

colombotoday

2015 මහින්ද පැරැද්දුවේ අපියි, මෙවරත් කවරු දැම්මත් පරද්දනවා, 50%ක් ගන්න දෙන්නෑමයි…

colombotoday