Business

ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් පෙළෙන්නන්ට තවත් ණයක් රජයෙන්

ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් පෙළෙන්නන්ට එම ණය ගෙවා දැමීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් රුපියල් ලක්ෂයක ණය මුදලක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

බොහෝ පිරිසක් පෞද්ගලික ආයතනවලින් 25% ක සහ 30%ක පොලියක් යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගෙන ඇති අතර ලබා ගත් ණය මුදල ආපසු ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයට මේ වන විට ඔවුන් පත්ව ඇත.

එම නිසා අදාළ ණය මුදල පියවීමට දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ණයහිමියන්ට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙන අතර 6%ක පොලියක් සමග ණයකරු එම මුදල දිස්ත්‍රික් ලේකම්වරයාට වාරික වශයෙන් ආපසු ගෙවිය යුතුය.

දිස්ත්‍රික් ලේකම්වරයා රුපියල් ලක්ෂයක මුදල ණයකරු අතට නොදී ණය ලබා දුන් ආයතනය වෙත අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා මගින් පියවීම සිදු කරන බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ පවසයි.

රුපියල් ලක්ෂයේ මෙම ණය සීමාව ඊට වඩා පුළුල් කිරීම සඳහා ජනාධිපති ලේකම්, මහ බැංකු අධිපති, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සමග ලබන සතියේ සාකච්ඡාවක් කිරීමට නියමිත බවද රාජ්‍ය ඇමැතිවරයා සදහන් කරයි.

Related posts

චීනයෙන්, බංගලාදේශයෙන්, ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 215 ක හදිසි ණයක්

colombotoday

විදේශීය ආයෝජකයන්ට අක්කර 5000ක ඉඩම්, රවී ඉන්දියාවේ හින්දු පුවත්පතට කියයි

colombotoday

කඩේ මිලට වඩා මිල වැඩියි. – Pick Me සහ Uber කරන කූට වැඩේ

colombotoday

හදිසි තත්ත්වයන්ට මුහුණ දීමට තවත් ප්‍රධාන වාණිජ නගරයක්

colombotoday

වාහන වෙන්දේසියෙන් වරාය අධිකාරියට වාර්තාගත ආදායමක්

colombotoday

ඇමරිකානු MBA උපාධි ශිෂ්‍යත්ව වැඩසටහන ප්‍රථමවරට ශ්‍රී ලාංකික සිසුන්ට

colombotoday