Colombo Today Local News

රවීට එරෙහිව ශ්‍රීලනිපය අවි අමෝරයි.. කැබිනට්ටුවේ ගුටි කෙළියක් නූලෙන් වැලකේ !

ඊයේ (21) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් හමුවේදී එජාප හා ශ්‍රීලනිප ඇමතිවරුන් අතර ඉතා දැඩි වාග් හුවමාරුවක් සිදුව තිබෙනවා.

ශ්‍රීලනිප ඇමතිවරුන් විසින් තම අමත්‍යාංශයේ කටයුතු විවේචනය කිරීම සම්බන්ධයෙන් දැඩිව උරණ වී ඇති මුදල් ඇමති රවී කරුණානායක ඒ පිළිබදව දැඩිව විරෝධය පලකිරීමත් සමග මෙම තත්වය මතුව ඇත.

‘රාජපක්‍ෂ ආණ්ඩුවේ ඇමතිකම් දැරු ශ‍්‍රීලනිප ඇමතිලා රාජපක්‍ෂ ඞීල් එකකට වැඩ කරනවා’ යයි කීමත් සමග ඇමති දයාසිරි ජයසේකර විරෝධය පල කරමින් පවසා ඇත්තේ වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනද රාජපක්‍ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙක් බවත් අද කැබිනට්ටුවේ සිටින සියළු ශ‍්‍රීලනිප ඇමතිවරුන් රාජපක්‍ෂලාගේ ක‍්‍රමයට විරුද්ද ආණ්ඩුව හා සම්බන්ධ වී සිටින බවද සදහන් කර තිබේ.

රාජපක්‍ෂලා සමඟ ඩීල් දමාගෙන ඔවුන් රකිමින් ජනතා ධනය කොල්ලකමින් සිටින්නේ කවුදැයි දන්නා බවද පවසා ඇති ඇමති දයාසිරි ශ‍්‍රීලනිපය නැතිව හැකිනම් ආණ්ඩුව කරගෙන යන්නැයි මුදල් ඇමතිට අභියෝග කර ඇත.

මෙම තත්වය ගුටි කෙලියක් බවට පත්වන්නට පෙර ජනාධිපතිවරයා හා අගමැතිවරයා මැදිහත් වී තත්වය පාලනය කර ඇති අතර යලි වතාවක් කැබිනට් මණ්ඩලය රැස්වීමේදී කුමකින් කුමක් වේදැයි සැක සහිත බව එහි සිටි ඇමතිවරුන් කිහිප දෙනෙකුම අදහස් හුවමාරු කරගෙන තිබේ.

Related posts

බොල්ගල්ල රක්ෂිතයේ ගින්නකින් අක්කර 50ක් විනාශවෙයි

colombotoday

මහින්දට හා විමල්ට පාතාලයෙන් ජීවිත තර්ජන?

colombotoday

මෝදර නිවසක මත් කරල් ගබඩාවක් වටලයි

Admin

මත්පෙති සමග අයෙක් වත්තලදී අල්ලයි

colombotoday

කාති උසාවි පිළිකුල් සහගතයි. මුස්ලිම් කාන්තාවක් අධිකරණ අමාත්‍යංශයට

colombotoday

ඥානසාර හිමිගේ ජන්ම දිනයට ගමකට දානේ දෙයි. දුප්පත් පවුලකට නිවසෙකුත් දෙයි.

colombotoday