World

කොවිඩ් රෝහලක ප්‍රබල ගින්නක්

රුමේනියාවේ රෝහලක ඇති වූ ප්‍රබල ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

එසේ මියගිය සිව්දෙනාම එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගීන් බව වාර්තා වේ.

ගින්න හටගෙන ඇත්තේ රුමේනියාවේ බුකාරස්ට් අගනුවර පිහිටි කොවිඩ් රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදෙන රෝහලක් තුළදීය.

එරට වේලාවෙන් පස්වරුවේ දී හටගත් ගින්න රෝහලේ එක් මහලක් පුරා පැතිර ගොස් තිබුණි.

එහි වැඩිම හානිය සිදුව තිබුණේ රෝගීන් රැඳී සිටි කාමර 4කටය.

ගින්න පැතිරයාමත් සමග ක්‍රියාත්මක වූ හදිසි අංශ අදාළ මහල ජනශූන්‍ය කිරීමට පියවර ගෙන තිබේ. එහිදී ඉවත්කළ පිරිස සියයකට අධිකය.

ඔවුන්ගෙන් 44දෙනෙකු ඔක්සිජන් ප්‍රතිකාර ලබමින් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවීම සලකා ඔවුන් බුකාරස්ට් හි වෙනත් රෝහල් වෙත යොමුකිරීමට බලධාරීන් පියවර ගත්තේය.

අනෙක් රෝගීන්ද වෙනත් ස්ථාන කිහිපයක රඳවා තිබුණි.

මාස තුනක කාලයකදී යුරෝපා සංගමයට අයත් රටවල පිහිටි රෝහල්වල හටගත් දෙවැනි මාරාන්තික ගින්න මෙය බව සඳහන් ය.

කලාපයට සාපේක්ෂව තරමක් පහළ මට්ටමේ ආර්ථික තත්ත්වයක් පවතින රුමේනියාව, කොවිඩ් වසංගතය හමුවේ දැඩි සෞඛ්‍ය අර්බුදයකට මුහුණදී සිටී.

එවන් පසුබිමක එරට ප්‍රධාන රෝහලක ඇතිවූ ගින්න රට තවත් අර්බුද කරා යොමාකරන බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.

රුමේනියාවේ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 724,250ක් වාර්තා වන අතර, මියගිය ගණන 18,196කි.

Related posts

හෙළිකොප්ටර් යානයක් ඩුබායි මුහුදට කඩා වැටෙයි

Admin

කුවේටය සම්පුර්ණයෙන් වසා දැමීමට තීරණයක්

colombotoday

මාලදිවයිනේ හිටපු ජනාධිපති ඝාතනයට තැත් කළ ඉස්ලාම් අන්තවාදියා අල්ලයි

colombotoday

එවරස්ට් කඳු මුදුනෙත් කොවිඩ්

colombotoday

පුද්ගලයින් 157 දෙනෙකු සමඟ ගුවන් යානයක් කඩා වැටේ – අනතුර සිදුවෙද්දී රටවල් 33 ක මගීන් ඉඳලා..!

colombotoday

ඔස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රොන් මරණය වාර්තා වෙයි

colombotoday