Colombo Today Local News

විදේශ ඇමති රට පාවා දුන්නා.. මානව හිමිකම් වාර්තාව එන්නේ ආණ්ඩුවේ එකගතාවයෙන් !

mngl3නව වටයකින් හමුදාවට චෝදනා එල්ල කරමින් සහ බලය බෙදීම, ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඉවත් කිරීම ඇතුළු කොන්දේසි ඉටු කරන ලෙස ආණ්ඩුවට බලපෑම් කරමින් මානව හිමිකම් කොමසාරිස් වරයා විසින් ඉදිරිපත් කළ වාර්තාව ආණ්ඩුවේ එකගතාවයෙන් සකස්වූවක් බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි. ඊයේ පෙරවරුවේ කොළඹ 07, වෝට් පෙදෙසේ පිහිටි Colombo School Of Business Management ආයතන ශාලාවේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මෙලෙස අදහස් පළ කර සිටියේය.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ශ‍්‍රී ලංකවෛ් එකගතාවයෙන් ඇමෙරිකාව විසින් ඉදිරිපත්කළ යෝජනාවේ අඩංගු කරුණු වලට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරියේ ශ‍්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශ නිලධාරීන් පූර්ව එකගතාවයක් ලබා දී ඇති බවය. සුමන්තිරන් මන්ත‍්‍රීවරයා කරන ලද ප‍්‍රකාශයක් පදනම් කරගෙන ඒ මහතා වැඩිදුරටත් සදහන්කර සිටියේ එසේ ජනතාව ට හොරෙන් ඇමෙරිකානු මැදිහත්කරුවෙකු ලෙස තබාගෙන ටී.එන්.එී පකිෂය සමග එකගතාවයකට පැමිණීම බරපතල පාවාදීමක් බවය.

මාධ්‍ය හමුවකට එක්වූ වෛද්‍ය ‍වසන්ත බණ්ඩාර මහතා පැවසුවේ ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරයා‍ විසින් නිකුත් කර ඇති වාර්තාවට අනූව එමගින් චෝදනා ගණනාවක් ශ්‍රී ලංකා රජයට එල්ල කර ඇති බවයි. එම වාර්තාව සැකසීමේදී පසුගිය කාලය පුරාවට විදේශ ඇමතිවරයා ලෙස මංගල සමරවීරගේ ක්‍රියාකලාපය බලපෑ බවත්, ඒ අනූව මෙම දේශ ද්‍රෝහි වාර්තාව සැකසීමට සහයවී ඇති බවත්, ඔහු පෙන්වාදුන්නේය.

අදාළ වාර්තාව මගින් යුද සමයේ හමුදාවට බාරවූ ස්ත්‍රීන් දූෂණය කිරීම, ආහාර නොදී ජනතාව බඩගින්නේ තැබීම වැනි ‍චෝදනා නගා ඇති බවත්, එම මාධ්‍ය හමුවට එක්වූ නීතිඥ කල්‍යානන්ද තිරාණගත මහතා පැවසීය. දෙමළ ඩයස්පෝරාව, බටහිර බලවේග හා වත්මන් යහපාලන ආණ්ඩුව එම වාර්තාව සැකසීමට සහය වී ඇති බව ඉන් පෙනී යන්නේ යැයි ද ඔහු කියා සිටියේය.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පැවසුවේ සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම දේශද්‍රෝහි ක්‍රියාවලට සහය නොවන ලෙසයි.

mangala diaspora 2
විදේශ ඇමති මංගල සමරවීර, ඊළාම් ඩයස්පොරා නියෝජිතයන් සහ රාජ්‍ය ‍නොවන සංවිධාන ක්‍රියාකාරීන් සමග ජිනීවා මානව හිමිකම් සැසියේ

Related posts

රුවන්වැලි මහ සෑ, ජයශ්‍රීමහා බෝ සමිදුන්ගේ ආරක්ෂාවට අධි ආරක්ෂිත වැටක්…

colombotoday

ජනතාවට පාපැදියෙන් රැකියාවට යන්න කියන අය යන්නේ V8 වල

colombotoday

ඕමන්තේ මුරපොළ ඉවත් කරගැනීමට එකග වේ.. අක්කර 20ක් මුදාහරී !

colombotoday

රාජිත සේනාරත්න අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝග. රහස් පොලිසිය රාජිතගේ නිවසට

colombotoday

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන්ට තවත් නියෝගයක් : අද පස්වරු 6.00 ට වාර්තා කරන්න

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් අතුරුදන්… උසාවි නියෝගය හැරෙන තැපෑලෙන් ආපසු එයි

colombotoday