Colombo Today Local News

හෙරොයින් කිලෝ 3ක් සමග පෙදරේරුවෙක් අල්ලයි

හෙරොයින් කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 250ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පිළියන්දල මඩපාත, බටුවන්දර ප්‍රදේශයේ දී යතුරුපැදියකින් එම හෙරොයින් තොගය ප්‍රවාහනය කරමින් සිටිය දී කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, බටුවන්දර ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පෙදරේරුවෙක් ලෙස සේවය කරන පුද්ගලයෙකි.

දැනට බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා අනුබල ලබාදී ඇති බවට සැකකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

සැකකරු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 07 ක රැදවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරිම් සිදුකිරීමට නියමිතය.

Related posts

ශ්‍රී ලංකාවේ ඇමරිකානු හමුදා කදවුරක්…? ගිවිසුම සූදානම්

colombotoday

රංජිත් නිර්මාල් ඔබ දැන් කොහිද… 6%ක් අධ්‍යාපනයට දුන් නෑ නේද… ඊට වඩා උපදෙස්කම සැප නේද

colombotoday

වත්තල ගබඩාවකට රිංගා ලක්ෂ 10ට අධික භාණ්ඩ සොරා ගත් අයෙක් දැලේ…

Admin

වතු කම්කරුවන්ගේ ජල ගැටලුව හේතුවෙන් වැඩවර්ජන

Admin

ගෑස් ඉල්ලා දෙහිවලින් ගාලුපාර අවහිර කරයි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සිට වැඩමුළුවක්

colombotoday