Colombo Today Local News

ප්‍රේමලාල්ගේ අභියාචන පෙත්සම විභාගයට දින නියම වේ

තමාට එරෙහිව රත්නපුර මහාධිකරණය නියම කළ මරණ දඬුවම අවලංගු කර, තමාව නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් ⁣පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ගොනු කළ අභියාචන පෙත්සම ලබන ජූනි 16 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (03)දින නියම කළේය.

මෙම අභියචන පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැදවූ අතර එහිදී එදිනට පෙත්සම් විභාගයට දින නියම විණි.

පෙත්සම සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවයේ ලිඛිත දේශන මාර්තු 22 වැනිදා ද, නීතිපතිගේ ලිඛිත දේශන අප්‍රේල් 29 වැනිදා ද ගොනු කරන ලෙසද අභියාචනාධිකරණය නියම කළේය.

2015 වසරේ ජනවාරි මාසයේදී පැවති ජනාධිපතිවරණ සමයේදී රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතන කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා වරදකරු කරමින් රත්නපුර මහාධිකරණය විසින් ඉකුත් වසරේ ජූලි 31 වැනිදා ඒ මහතාට මරණ දඩුවම නියම කළේය.

එම දඩුවම අවලංගු කර තමාව නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලා මෙම ප්‍රේමලාල් ජයසේකර මහතා මෙම ⁣අභියාචන පෙත්සම ගොනු කෙරිණි.

නීතිපතිවරයා මෙහි වගඋත්තරකරු ලෙස නම් කරනු ලැබ ඇත.

පෙත්සම්කාර අභියාචක වෙනුවෙන් ජනාධිපති නීතීඥ නලීන් ලද්දූවහෙට්ටි මහතා සමග බුද්ධික චන්ද්‍රසේකර, වජිර රණසිංහ සහ හෆීල් ෆාරිස් යන නීතීඥවරු පෙනී සිටියහ.

Related posts

සිරස මාධ්‍යවේදීන්ට පහර දීම : පොලිස් විශේෂ කාර්ය බලකායේ SSP රොමේෂ් ලියනගේ ගේ වැඩ තහනම්

colombotoday

කොටස් වෙළෙඳපොළේ සුවිශේෂී වර්ධනයක්

Admin

කන්න නැති රටවල් අතර ලංකාව හය වෙනි ස්ථානයට

Admin

අතුරුදන්වූවන් පිළිබද පනත කල් දමයි !

colombotoday

පරිසර අමාත්‍යාංශයට අලුතින් නිලධාරින් 136ක්

colombotoday

දිස්ත්‍රික්ක කිහිපයක ජන්ද පත්‍රිකා මුද්‍රණය නවතී

colombotoday