Colombo Today Local News

සඳහිරු සෑයේ නිදන් වස්තු ගැන FCID පරීක්ෂණ ඇරඹේ.. නාහිමිවරුන්ගෙනුත් ප්‍රශ්න කෙරේ !!

අනුරාධපුර සදහිරු සෑයේ නිදන් වස්තු ලෙස රනින් කළ බෝගසක් සහ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමට ශ්‍රී ලංකා රේගුව සතුව තිබූ රත්‍රන් ලබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇත.

බුදු පිළිම වහන්සේ සහ, බෝධිය නිර්මාණය කිරීම සදහා රේගුව භාරයේ තිබූ රත්‍රන් ලබා ගැනීමේදී නීති විරෝධී ක්‍රියාවක් සිදුව තිබේදැයි යන්න සොයා බැලීම සදහා මෙම පරීක්ෂණ අරඹා ඇති අතර මේ වන විටත්, හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර හා සදහිරු සෑයේ ව්‍යාපෘති භාරව සිටි මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දුගෙන් ප්‍රශ්න කර තිබේ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්ද පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇත.

තිස් වසරක් පුරා ත්‍රස්තවාදයෙන් මිය ගිය අයට සහ, රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ට පිං පැමිණවීම සහ උපහාරයක් ලෙස සදහිරු සෑයේ ඉදිකිරීම් ආරම්භ වූ අතර මේ වන විට එම ඉදිකිරීම අත්හිටුවා තිබේ. සදහිරු සෑයේ නිර්මාණ උපදේශක කමිටුවේ සාමාජිකයන් වූ නායක හිමිවරුන් හා විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයක නිර්දේශ මත මෙම නිධන් වස්තු තැන්පත් කිරීම සිදුකර ඇති අතර, ඉදිරියේදී එම කමිටු සාමාජිකයන්ගෙන්ද ප්‍රශ්න කෙරෙනු ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

අද සහ හෙට දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

Admin

දිවි රැකදුන් හමුදාවට උතුරේ වැසියන්ගෙන් පැසසුම්…

colombotoday

සජිත්ගේ 58න් කොටසක් ගැලවෙයි.

colombotoday

පියාගේ මිත්‍ර පෙදරේරුවා දියණිය අපයෝජනය කරලා

colombotoday

මුස්ලිම් කඩ ගිනිතැබීම : රට නොමග යවන පොලිස් ප්‍රකාශ ගැන බොදු බලෙන් නිවේදනයක් (Video)

colombotoday

සතොසෙන් එක් පුද්ගලයෙකුට දෙන සීනි කිලෝ ගණන වැඩි කරයි

colombotoday