හිතවත්කම්, මුදල් බලය හෝ දේශපාලන බලපෑම් මත පොලිසිය කටයුතු කළ කාලය නිමාවට පත්ව ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.
එසේම අල්ලස් ලබා ගැනීම් සහ වෙනත් විවිධ වැරදි සිදු කරන පොලිස් නිලධාරීන්ට තමන්ගෙන් කිසිදු සමාවක් නොමැති බවද ඔහු පැවසීය.
ඉමදූව නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද (10) පෙරවරුවේ එක්වෙමින් පොලිස්පතිවරයා මෙම අදහස් පල කර තිබේ.