Colombo Today Local News

බස්නාහිරින් යන එන අයගේ ඇන්ටිජන් කරන්න පොලිසිය ආවත් සෞඛ්‍ය අංශ නෑ

බස්නාහිර පළාතෙන් පිටවන සහ එම පළාතට ඇතුළුවන්නන් ස්ථාන 12කදී අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂාවනට ලක් කරන බවට ප්‍රකාශ වුව ද අද ස්ථන කීපයක එම කටයුතු සිදු නොවූ බව වාර්තා වෙයි.

මීගමුව කොච්චිකඩේ තෝප්පුව පාලම අසල නිට්ටඹුව හැලගල හන්දිය සහ හංවැල්ල වනහගොඩ පාලම අසල එවැනි අහඹු පරීක්ෂණ සිදු කිරීමට අද පෙරවරුවේ සිටම ආරක්ෂක අංශ සූදානමින් සිටියද සෞඛ්‍ය අංශ නිලධාරීන් ඊට එකඟ නොවීම නිසා අහඹු පරීක්ෂණ සිදු නොවු බව වාර්තා විය.

මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීයෙක් සඳහන් කළේ එවැනි අහඹු පරීක්ෂණ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී නොමැති බවයි. එවැනි පරික්ෂාවකදී ආසාදිතයකු හමුවුවහොත් ඔහු සම්බන්ධයෙන් කුමන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු ද යන්න නොදන්නා බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා පැවැසීය.

Related posts

ශ්‍රීලනිප බලපෑමට යටවෙන්නේ නැහැ – එජාපය දැඩි ස්ථාවරයක

colombotoday

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන දෙන්න වෙනම දිනයක්

colombotoday

කහ කිලෝ 1157ක් සමග දෙකක් අත්අඩංගුවට

colombotoday

දෙමළ ජාතිවාදී අභාලාෂ සහ නව ව්‍යවස්ථාව

colombotoday

2016 න් පසු බඳවාගත් රජයේ සේවකයන්ට ඉදිරියේදී දායකත්ව විශ්‍රාම වැටුපක්

Admin

අශේන් CCD රැගෙනවිත් ප්‍රශ්න කරයි… රහස් තොගයක් වමාරයි…

colombotoday