Colombo Today Local News

මාස දෙකකදී ඉස්ලාම් අන්තවාදීන් 201ක් නීති විරෝධී ලෙස ලංකාවට ඇතුල් වෙලා !!

පසුගිය මාස දෙකක කාලය ඇතුළත ඉස්ලාම් අන්තවාදීන් 201ක් නීති විරෝධී ලෙස ලංකාවට ඇතුළුවී ඇති බව සඳහන් කරමින් බොදු බලසේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ආගමන හා විගමන පාලක එම්.එම්. රණසිංහ මහතාට ඊයේ (7දා) පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණ සිදු කළ පැමිණිල්ලෙන් අනතුරුව මාධ්‍යවලට අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ පැවැසූහ.

බටහිර රටවලට එන්න එන්නම ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම්වලින් එල්ල වන ත්‍රස්තවාදී තර්ජන වැඩි වුණා. ඒ හේතුවෙන් මෑතකදී ඇමෙරිකාව ඇතුළු බොහොමයක් බටහිර රටවල් ඔවුන්ගේ ආගමන විගමන නීති රීති දැඩි කළා.

දැන් ඒ අන්තවාදීන් අපේ රට ඔවුන්ගේ ගොදුරක් වගේම දඩ බිමක් කර ගැනීමට උත්සාහයක නිරත වෙනවා. පසුගිය මාස තුනක කාලය ඇතුළත සංචාරක වීසා ලබා ගනිමින් ඉස්ලාමීය අන්තවාදීන් 201ක් ලංකාවට ඇතුළු වී ඇති බවට අපට තොරතුරු ලැබී තිබෙනවා.

මෙලෙස පැමිණෙන අන්තවාදීන් ඉන්නෙ කොහේද කරන්නේ මොනවාද ආපසු නොගොස් රැඳී සිටින්නේද යන තොරතුරු සොයා බැලීමේ කිසිදු ක්‍රමවේදයක් නැහැ.

එහෙත් අපි මේ ගැන සොයා බැලුවා. සංචාරක වීසා මඟින් මෙරටට පැමිණෙන මේ කණ්ඩායම් වීසා කාලසීමාව අවසන්වීමෙන් පසුවත් මෙරට රැඳී සිටිනවා. මොවුන් සංචාරක වීසා ලබාගෙන පැමිණ මෙහි කරන කිසිදු සංචාරයක් නැහැ.

මුස්ලිම් රටවල් පවා හෙළා දකින අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ලංකාවේ ඉස්ලාමීය ත්‍රස්තවාදයක් ඇතිවීමේ අවදානමක් තිබෙනවා. අප මේ ගැන ආගමන විගමන පාලකවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කරුණු පැහැදිලි කිරීමක් කළා.

අපේ රටේ තිබෙන්නේ යල් පැනපු ආගමන විගමන නීති-රීති. මේවා සංශෝධන විය යුතු කාලය පැමිණ තිබෙනවා. ඒ වගේම ඉස්ලාමීය අන්තවාදීන් විසින් රටේ සිදු කරන ක්‍රියාකාරකම් පාලනය කිරීමට පොලිසිය, බුද්ධි අංශවල මෙන්ම මහජනතාවගේ සහායත් ආගමන විගමන පාලකවරයාට ලබා දිය යුතුයි.

Related posts

2021 සාමාන්‍ය පෙළ අදින් අවසන්

colombotoday

පාරිභෝගික විමර්ශන නිලධාරීන් රාජකාරි වලින් ඉවතට…

colombotoday

ත්‍රී.මලේ කොටසක් ඉන්දියාවට.. ඉන්දීය අවසර නැතිව ඇතුල්වීම තහනම් වේ

colombotoday

අක්මීමන දයාරතන හිමි ඇප මත නිදහස් !

colombotoday

කථානායක මාන්නප්පෙරුමට සති හතරක් මැතිසබේ තහනම් කරයි

Admin

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ගේන්න උලමා සභාව සහයෝගය දෙනවලු | මරාගෙන මැරුණු ජමීල්ගේ මාමා තාසිම් මවුලවිගෙන් නිවේදනයක්.

colombotoday