Colombo Today Local News

SAITM ප්‍රධානියාට මාළඹේදී වෙඩි ප්‍රහාරයක් !!

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න ගමන් ගත් මෝටර් රථයට ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ඔහු ඊයේ රාත්‍රියේ සිය නිවස බලා යමින් සිටියදී මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ආසන්නයේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ දීයි මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී තිබෙන්නේ.

කෙසේ වෙතත් එම වෙඩි ප්‍රහාරයෙන් වෛද්‍ය සමීර සේනාරත්නට හානි සිදුවූයේ නැහැ. ඔහුගේ මෝටර් රථයේ වෙඩි ප්‍රහාර 4ක් දක්නට ලැඛෙන බවයි පොලීසිය පවසන්නේ.

මුහුණු ආවරණය වන ආරක්ෂිත හිස්වැසුම් පැළඳ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර ඇති බවද වෛද්‍යවරයා පොලීසියට පවසා තිබෙන අතර, සිද්ධිය වූ ස්ථානය ආසන්නයේ ගොඩනැගිලිවල සී සී ටී වී දර්ශන ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇත පොලීසිය පවසයි.

Related posts

විපක්‍ෂය ඇවිලේ.. ප‍්‍රධාන සංවිධායක ධුරයට ගැටුමක්

colombotoday

කැබිනට් ඇමතිකමක් දී මහින්ද මාව නවත්තන්න හැදුවා.. චතුර තවත් ලොකු රහසක් හෙළි කරයි

colombotoday

දඩුලේනුන් නිසා පොල් මිල ඉහළ යා හැකියි

Admin

බාල දැරියන් විවාහයට ඉල්ලා “තව්හීද් ජමාත්“ කොටුව දෙවනත් කරයි.. සංඝරත්නයටත් තිත්ත කතාවෙන් බැණවදී

colombotoday

ඌරෙක් අධිකරණ ඇමති වුන පළමු අවස්තාව

colombotoday

කිඹුලා ඇලට වැටුණු BMW I8 රියේ අයිතිකරු, කබීර්ගේ මස්සිනා පොහොට්ටුවේ මැයි රැලියෙන් මතුවෙයි

colombotoday