Colombo Today Local News

ශ්‍රී ලාංකිකයන්ට ඉතියෝපියාවේ රැකියා අවස්ථා – විදේශ ඇමති මංගල

ඉතියෝපියාවේ සමාගම්වල සේවය කිරීම සදහා පළපුරුදු වෘත්තිකයන් හෝ අර්ධ පළපුරුදු වෘත්තිකයන් ලබාදීමට ශ්‍රී ලංකාවට හැකි බව ඉතියෝපියාවේ නිල සංචාරයක නිරත වූ විදේශ ඇමති මංගල සමරවීර මහතා පවසයි.

දෙරට අතර ද්විපාර්ශවීය සහයෝගිතාවය සදහා කෘෂිකර්ම, කෘෂි සැකසුම්, රෙදිපිළි කර්මාන්තය සහ විදුලි සංදේශ අංශ පිළිබදව වැඩි අවධානය යොමු කළ බව විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විදේශ ඇමතිවයරා ඉතියෝපියානු විදේශ අමාත්‍ය ආචාර්ය වර්ක්නේ ජිබේයෙහු සමග සාකච්ඡා පවත්වා ඇති අතර වෙළෙඳ, ආයෝජන හා සංචාරක අංශ වැඩි දියුණූ කරගැනීමට ශ්‍රී ලංකාව හා ඉතියෝපියාව සහයෝගයෙක් කටයුතු කිරීමට එකග වූ බවද වැඩිදුරටත් සදහන් වේ.

ඉතියෝපියාව ලෝක දරිද්‍රතා දර්ශකයේ මුල්පෙළ් රටක් වන අතර, අප්‍රිකානු කළාපයේ දුප්පත්ම රටවල් 10න් එකක් ලෙස සැළකේ. එහි ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 505 ලෙස සදහන් වේ. ඉතියෝපියාව දරුණු සාගතය, ඒඩ්ස් සහ වසංගත රෝග, අභ්‍යන්තර ගැටුම් සහ දේශපාලන අස්ථාවරභාවය නිසා නිරන්තර පීඩා විදින රටකි.

Related posts

ජනපතිවරණයේ වියදම රු කෝටි 450යි

colombotoday

ඩඩ්ලි සිරිසේනත් ජනාධිපතිවරණයට ?

colombotoday

CID මෙහෙයුමකින් බදියුදීන්ගේ කෝටි ගණනක ගැහිලි එළියට… හංගපු ෆයිල් 67ක් හමුවෙයි.. හොර ගනුදෙනු, අක්කර සිය ගණනක ඉඩම් ඔප්පු ඒ අතර…

colombotoday

කොළඹට ඇතුළුවන බේස්ලයින් පාර තාවකාලිකව වැසේ

colombotoday

“දේශප්‍ර්මි මුහුණුවරකින් කඩුව අරගෙන අපිට කොටන්න පුළුවන්” අලි සබ්‍රි ගැන ඉත්තෑකන්දේ හිමිගෙන් ප්‍රකාශයක්.

colombotoday

කෝට්ටේ සමූපකාර බලය ඇල්ලුවා

Admin