මෙරට ගෑස් හිඟයක් නොමැති බව ලිට්රෝ සමාගම පවසයි.
තවත් ගෑස් නෞකාවක් අද(29) අලුයට මෙරටට ළඟා වූ බව එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරයි.
එහි ගෑස් මෙට්රික් ටොන් 3,700 ක් ගොඩබෑම හෙට (30)දින ආරම්භ කරන බව ද ඔහු පවසයි.
මේ වනවිට ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලේ යම් අඩුවීමක් පවතින බව සභාපතිවරයා කියයි.
එහි වාසිය ජනතාවට ලබා දීමේ අරමුණෙන් ලබන 05 වැනිදා සිට යළිත් ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමට තීරණය කර ඇති බව ද ඔහු සදහන් කරයි.