Colombo Today Local News

ඉන්දියාවට දුන් තෙල් ටැංකිවලට සත පහක්වත් ගෙවා නෑ..!!

ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු තෙල් සමාගමට පවරා ඇති ගිවිසුම වලංගු නොවන බැවින් වහාම එම තෙල් ටැංකි පවරා ගන්නා ලෙස කෝප් කමිටුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දී තිබේ.

මෙහි තෙල් ටැංකි 14 ක් ඉන්දියානු තෙල් සමාගමට පැවරීමට අදාළ මූලික ගිවිසුම 2003 වර්ෂයේදී අත්සන් කර ඇති අතර එම අත්සන් කළ දිනයේ සිට මාස 6 ක් ඇතුළත බදු ගිවිසුමක් අත්සන් කළ යුතුව ඇතත් මේ දක්වාම එවැනි ගිවිසුමක් අත්සන් කර නොමැති නිසා මෙය වලංගු නොවන ගිවිසුමක් බව කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේය.

ඉන්දියානු තෙල් සමාගම මෙම තෙල් ටැංකි පාවිච්චි කිරීම වෙනුවෙන් ඛනිජ තෙල් නිතිගත සංස්ථාවට මෙතෙක් කිසිදු මුදලක් ගෙවා නැති බවද මෙහිදී අනාවරණය වී ඇත. මීට අමතරව ඉතිරි තෙල් ටැංකි 85 තවමත් පාවිච්චි කළ හැකි තත්ත්වයෙන් පවතින බව විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් යවා සොයා බැලීමේදී අනාවරණය වී තිබෙන බවද කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.

වලංගු නොවන ගිවිසුමක් පදනම් කර ගනිමින් ඉන්දියානු තෙල් සමාගම වසර 13 කට අධික කාලයක් අති විශාල ලාභයක් උපයා ඇති බවද ඔහු කීය. වලංගු නොවන ගිවිසුමක තවදුරටත් රැඳී නොසිටිය යුතු බවද කෝප් කමිටුව මගින් අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

Related posts

මත්පැන් අලෙවිසැල් බලපත්‍රධාරීන්ට නියමිත මාර්ගෝපදේශ නිකුත් කෙරේ

colombotoday

හිටපු කොටි 30 ක් ජර්මනියෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කරයි.

colombotoday

ගෝඨාභය ජනාධිපති වුනොත් ජාතික ආරක්ෂාව අනතුරකලු. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගෙන් දැඩි විවේචන

colombotoday

අස්ගිරි මහානාහිමි ප්‍රමුඛ මහ සගරුවන උතුරේ සංචාරයක (Video)

colombotoday

පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලා ගැන තොරතුරු රැසක් හෙළි වේ

colombotoday

සොරාගත් දුරකතනය සොයා ගිය පියා මරුට. පුතුන් දෙදෙනාටත් පිහියෙන් ඇනලා..

colombotoday