Colombo Today Local News

බන්ධනාගාර රැඳවියන්ට ඥාතීන් හමුවීමට අවස්ථාව

ලබන 01වැනිදා සිට බන්ධනාගාරගත රැඳවියන්ට සිය ඥාතීන් හමුවීමේ අවස්ථාව යළි ලබා දීමට අවධානය යොමුව තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ සෞඛ්‍යය අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බවයි.

ඒ අනුව, රිමාන්ඩ් සිරකරුවන් හමුවීමට ඔවුන්ගේ ලේ ඥාතියෙකුට අවස්ථාව ලබා දීමට නියමිත ය.

සතියකට එක් දිනක් පමණක් ඊට අවස්ථාව ලබා දෙන බව ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රැඳවියන් බැලීමට පැමිණෙන ඥාතීන් කිසිදු අවස්ථාවක ආහාර රැගෙන ඒමේ අවස්ථාවක් නොමැති අතර, රැඳවින්ට ඇඳුම් පමණක් ලබා දීමට අවස්ථාව සැලසීමට තීරණය කර ඇති බවයි.

මේ අතර සිරකරුවන්ට සිය ඥාතීන්ට හමුවිය හැකි වන්නේ මාසයකට එක් දිනක් පමණක් බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 07වනදා යළි ඇරේ

colombotoday

ව්‍යවස්ථාව අනුව අගමැති ඉවත්කළ හැකිද? – නීතිවේදීන්ගේ මතය මෙන්න

colombotoday

නව සාමාජිකයින් පත්කෙරුණු මැතිවරණ – පොලිස් කොමිෂන් සභා කටයුතු අරඹයි

colombotoday

මනු කියවන්නාට 1, 7 මාරු වී පාසල් සිසුවෙකුගෙන් ගුටි කා රෝහලේ…

Admin

ආර්ථික ප්‍රශ්නය අගවිනිසුරු ඇතුළු සියලු විනිශ්චයකාරවරුන් එකට වාඩි වුණත් උසාවියේ දී විසඳා ගන්න බැහැ.. – ජනපති

Admin

65ක කාන්තාවක් පොල් අතු නිවසක පිලිස්සි මියයයි

Admin