Colombo Today Local News

අපි කොහෙවත් භූමදානයට අවසර දීලා නෑ.. කොවිඩ් පොසිටිව් මරණයක් නම් එය අනිවාර්යයෙන් ම ආදාහනය කළ යුතුයි.

කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අවසරයක් ලබා දී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

කොවිඩ් ආසාදිත මළ සිරුරු ආදාහනය කිරීම පිළිබඳ පවතින තීරණයේ වෙනසක් නොමැති බව ද පැවසු වෛද්‍යවරයා, සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ වැරදි මතයක් ප්‍රචාරය කරමින් සිටින බව ද පැවසිය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා,

“අපි කොහෙවත් භූමදානයට අවසර දීලා නෑ. කොවිඩ් – 19 පොසිටිව් මරණයක් නම් එය අනිවාර්යයෙන් ම ආදාහනය කළ යුතුයි. ඒ ස්ථීර තීරණය තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය තවමත් ඉන්නේ. අපි මේ පිළිබඳව විශේෂ කමිටුවක් පත්කරලා තමයි මේ තීරණයට ගිය මාර්තු මාසයේ පැමිණියේ. අපි මේ පිළිබඳ වෛරස් විශේඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත්කරලා තියෙනවා. ඒකේ වාර්තාව ලැබෙනකල් අපි බලන් ඉන්නවා. එතකොට මේ පිළිබඳ නැවත වරක් සාකච්ඡාවක් තියලා අපි මේ තීරණයේ වෙනසක් තියෙනවා නම්, අපි මහජනතාවට දැනුම් දෙනවා. එතකල් අපේ තීරණය සියලුම කොවිඩ් – 19 ආසාදිත වු මරණ ආදාහනය කළ යුතුයි. එය හැකි ඉක්මනින් ආදාහනය කළ යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් ඒ තීරණයේ කිසිදු වෙනසක් නෑ.

Related posts

බස් මගීන්ගේ ගැටලු ඉදිරිපත් කරන්න BAD BUS

colombotoday

රාජකාරියේ යෙදී සිටි එස් අයි ගේ යතුරුපැදියට ගිනි තියලා

Admin

දැයම එක රොදකට බොදු බල සේනා මහනුවර රැලියේදී ඉදිරිපත් කෙරුණු යෝජනා මෙන්න

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණ කතා කියන නාමල් කුමාරට ඓරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

colombotoday

පැය තුනකට වැඩි විදුලි කප්පාදුවක්

colombotoday

ලංකාව ගැන නොහොබිනා කතාවක් කියූ “ජිප්සීස් සුනිල්“ ඇමරිකාවේදී ගුටි නොකා 99න් බේරෙයි !

colombotoday