Colombo Today Local News

ජාත්‍යන්තර ඉස්ලාම් ආර්ථික සමුළුවට අගමැති ඉන්දුනීසියා යයි

ranil wickramasinghe 252අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියාවේ දෙදින නිල සංචාරයක් සදහා අද (01) පිටත්ව යෑමට නියමිතය.

ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර පැවැත්නේ 12 වන ජාත්‍යන්තර ඉස්ලාම් ආර්ථික සමුළුවට සහභාගීවන අගමැතිවරයා, ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විදොදෝ ඇතුළු එරට රජයේ ප්‍රධානින් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

12 වන ඉස්ලාමීය ආර්ථික සමුළුවේ ආරම්භක සැසිවාරයේ විශේෂ දේශනයක් පැවැත්වීමටද වික්‍රමසිංහ මහතාට ආරාධනා ලැබී ඇති අතර, එම සමුළුව අතරතුර මැලේසියා, තජිකිස්ථාන්, ජෝර්දාන රාජ්‍ය නායකයන් සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව අගමැති කාර්යාලය පවසයි.

ආණ්ඩුවේ පස් අවුරුදු සැළසුම් ප්‍රධානී අර්ජුන් මහෙන්ද්‍රන් මහතාද අගමැතිවරයා සමග මෙම සංචාරයට සහභාගී වේ.

Related posts

යහපාලනය කරන්න ගොස් ‘බිලිවීමට‘ සිදුවූයේ මටයි – කවියක් කියමින් රවී කියයි

colombotoday

“ජෙරුසලම ඊශ්‍රායලයට විතරක් අයිති නෑ.. පලස්තීනයටත් අයිති විය යුතුයි” – ශ්‍රී ලංකා රජයෙන් නිවේදනයක්

colombotoday

“අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාට සුභපතනවා” පරාජයෙන් පසු සජිත් ප්‍රේමදාස පැවැත්වූ කතාව

colombotoday

සහරාන්ගේ බිරිඳ පාස්කු කොමිසමට

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

“මං එකෙකුටවත් බය නෑ… මුං හිවල්ලු ටිකක්”

Admin