Colombo Today Local News

පාගමනේ ගිය මන්ත්‍රීලාගේ ප්‍රභූ ආරක්ෂකයන් කොළඹට කැදවලා.. ආරක්ෂාව අනතුරේ – විමල්

214fff8c8dfe2fe07bda33b008923855_L

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවට දිගින් දිගටම බාධා කළ ආණ්ඩුව එම පාද යාත්‍රාව කොළඹට එන 01 වැනිදා දිනයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට සිටින ප්‍රභූ ආරක්ෂකයන් හදිසියේ කොළඹට කැඳවා ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ ඊයේ (31) පාද යාත්‍රාවේ සිව් වැනි දිනය අවසානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට සිටි ප්‍රභූ ආරක්ෂකයන් කොළඹට කැඳවීම නිසා මන්ත්‍රීවරුන් අනාරක්ෂිත වී ඇතැයි ද එලෙස අනාරක්ෂිත කිරීමට හේතුව නොදන්නේ යැයි ද වීරවංශ මහතා සඳහන් කළේය.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

අපි පාද යාත්‍රාවේ නුවර සිට කොළඹට එන්නේ පැරදුණු දිස්ත්‍රික්ක හතරක් පසු කරමිනුයි. පැරදුණු දිස්ත්‍රික්ක හරහා පා ගමන් යන්නේ ඇයි දැයි බොහෝ දෙනකු විමසුවා. පැරදුණු දිස්ත්‍රික්කවල ජනතාවගේ අද තත්ත්වය, දැන ගැනීමයි අපේ අරමුණ. පසුගිය ඡන්දයේදී අපට විරුද්ධව ඡන්දය දුන් බොහෝ දෙනකු දැන් පසුතැවෙනවා. පාද යාත්‍රාවේ සිව් වැනි දිනය අවසන් වන විට ලක්ෂ දහයක ජනතාවක් ඊට සහභාගි වී තිබුණා.

ආණ්ඩුව අපට විවිධ බාධා කළා. වෙනත් කෙනකුට කන්න තිබුණු තණකොළ ටික ගෙනත් කිරිබත්ගොඩ එල්ලුවා. ජනමාධ්‍යයට බලපෑම් කළා. මාධ්‍යවේදීන් උද්යෝගයෙන් පාගමන ආරම්භ කළා. නමුත් ආණ්ඩුවේ බලපෑම උඩ සමහර මාධ්‍ය ජනතාව සිටින ඡායාරූප පළ කළේ නැහැ. සමහර මාධ්‍ය බාර්වලට යන ගණන බලන්න සුරාසැල් ගාව බලා සිටියා. ආණ්ඩුවට තමන්ගේ වැරැදි හදාගන්න වුවමනාවක් නෑ. එහෙම වුවමනාවක් තිබෙනවා නම් අපට මඩ ගසමින් අවලාද නගමින් ඉන්නේ නෑ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් පමණක් ප්‍රභූ ආරක්ෂකයන් සදුදා (01) කොළඹට කැඳවලා. අපි නිල වශයෙන් වෙන් කර ගත් හයිඩ් පිටියේ වළවල් කපන්න අරගෙන. අපට දි තිබුණු ශබ්ද විකාශන යන්ත්‍රය පොලිසියෙන් නැවත අරගත්තා.

මේ රටේ හිටපු පොලිස්පතිලා වැඩ කරන නිහඬ චරිත. මරදානේ චොප්පේ වගේ නෙමෙයි. පූජිතට අපි කියනවා ඔය නිල ඇඳුම ගලවලා වික්‍රමසිංහගේ කොළ කමිසය ඇඳගන්න කියලා. හිටපු පොලිස්පතිලාගේ කීර්තිනාමයත් මේ පොලිස්පති වනසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු කීර්තිමත් ලේකම්වරයකුගේ පිළිරුවට මල්මාලා දමන්න දොඹකරයක් ගත්තැයි කියමින් සංවිධායකයෙක් අත්අඩංගුවට ගත්තා. අපි දොඹකරය ගත්තේ බලපත්‍ර සහිතවයි. ශ්‍රිලනිප සභාපති ජනාධිපති වෙලා ඉන්න ආණ්ඩුවක එහි හිටපු ලේකම්වරයකුට ගෞරව කරන්නත් බෑ. මේ පා ගමන විනයානුකූලව ආ පා ගමනක්. අද වනතුරු ගැටලුවක් වුණේ නෑ. අපි සදුදා (01) කොළඹට එනවා. හොඳම තැනට යනවා.

Related posts

2017 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා විරාත් කෝලි – ICCයෙන් පිදුම් ලබයි

colombotoday

යාපනයේ දේව මෙහෙයක් පැවැත්වූ පාස්ටර්ට කොරෝනා ආසාදනය වෙලා – දේව මෙහෙයට සහභාගී වූවන්ට නිවේදනයක්

colombotoday

නොමිලේ ලබා දුන් පාසල් නිල ඇදුම් ලබා ගන්න අගමැතිනිය පැයක් ප්‍රමාද වී පැමිණේ

Admin

නැගෙනහිර නගරයක් දින 5කට හුදකලා කරයි

colombotoday

වෙන්නප්පුවේදී හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

ජනපතිගෙන් සජිත්ට පිළිතුරු ලිපියක්

colombotoday