Covid 19

ජාතික රෝහලේ වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 500කට කොරෝනා

කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 500කට අධික පිරිසක් කොවිඞ් ආසාදිතයින් බවට පත් වී ඇති බව සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ උප ලේකම් රේණුකා ලියනගේ මහත්මිය පැවසුවාය.

කොවිඞ් වාට්ටුවල කොවිඞ් රෝගීන් පිරී යෑමේ අවදානම ගැන තම සංගමය රෝහල් බලධාරීන් කොතෙකුත් දැනුවත් කළ ද ඔවුන් ඒ ගැන අවධානය යොමු නොකිරීම හේතුවෙන් තමාට ද මේ වනවිට කොවිඞ් ආසාදනය වී ඇතැයි ද ඇය කියා සිටියාය.

ජාතික රෝහලේ මේ වනවිට වෛද්‍යවරුන් 50 දෙනකුට ආසන්න පිරිසකට ද, හෙද නිලධාරීන් 200කට ආසන්න පිරිසකට ද, රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 300කට අධික පිරිසකට ද වාට්ටු ලිපිකාරිනියන් 6 දෙනකුට ද කොවිඞ් ආසාදනය වී ඇතැයි ද ඇය කීවාය.

මෙහිදී තවදුරටත් කතාකළ රේණුකා ලියනගේ මහත්මිය මෙසේ ද කීවාය.

ජාතික රෝහල දැන් ධාරිතාව දරාගන්න බැරි තරමට කොවිඞ් රෝගීන්ගෙන් පිරිලා. වාට්ටු 18ක කොවිඞ් රෝගීන් 700කට අධික සංඛ්‍යාවක් ප‍්‍රතිකාර ලබනවා. එයින් අසාධ්‍යම රෝගීන් 300ක් විතර ඔක්සිජන් මත යැපෙනවා. මේකේ බරපතළකම බලධාරීන්ට තේරෙන්නේ නැහැ. ඒ අය අපි අනන්තවත් දැනුවත් කරලයි තියෙන්නේ. නමුත් ඒ අය ගණන් ගත්තේ නැහැ. ඒකේ ප‍්‍රතිඵල දැන් ලැබෙමින් තියෙනවා. රෝහල් කාර්ය මණ්ඩලයේ 500කට වැඩි පිරිසකට කොවිඞ් වැළඳිලා. තවත් බොහෝ පිරිසක් නිරෝධායනය වෙනවා. අද මමත් කොවිඞ් ආසාදිතයෙක් වෙලා. මේවා කාට කියන්නද? සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල වුණත් වැඩ කරන්නේ මනුෂ්‍යයෝ. ඒ අයටත් දරාගත හැකි ප‍්‍රමාණයක් තියෙනවා. දැන් ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට මේ තත්ත්වය දරාගන්න බැහැ. වැඩ කරන්න ඉන්න කාර්ය මණ්ඩලයත් අඩුයි.

දැන් මේ තත්ත්වයට විකල්පයක් ලෙස පුංචිබොරැල්ලේ අතරමැදි කොවිඞ් මධ්‍යස්ථානයක් ආරම්භ කරලා කියනවා. කොහොම හරි අපි කියන්නේ මේ අමාරුම ලෙඞ්ඩු ටික මේ රෝහලේ තියාගෙන අනිත් ලෙඞ්ඩු අතරමැදි මධ්‍යස්ථානවලට යොමු කරන්න කියලයි.

ජාතික රෝහල කොවිඞ් රෝගීන්ගෙන් පිරී යෑම නිසා අනෙක් හදිසි ප‍්‍රතිකාරවලට, සැත්කම්වලට එන රෝගීන්ට නිකරුණේ කොවිඞ් වැළඳීමේ අවදානමක් මතු වෙලා තිබෙනවා.

Related posts

මෙරට භාවිත කරන සියලු කොරෝනා මර්දන එන්නත්වල කාර්යක්ෂමතාව ගැන පරීක්ෂණ අරඹයි

colombotoday

හම්බන්තොට දිස්ත්‍රික්කයෙනුත් කොරෝනා රෝගීන් දෙදෙනෙක්

colombotoday

දිනක් තුල සොයාගත් කොරෝනා රෝගීන් වැඩිම පිරිස වාර්තා වේ. සමස්ත රෝගීන් සංක්‍යාව 142 දක්වා ඉහලට

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළමු එන්නත් තොගය ලංකාවට

colombotoday

මුස්ලිම් කාන්තාවට ෂරියා නීතිය යටතේ දඬුවම් කිරීමෙන් ප්‍රසිද්ධ වූ අටුළුගම ගම්මානය කොරෝනා නිසා අගුළු දමයි

colombotoday

කෝවිඩ් ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිවෙස් තුළම නිරෝධායනයට

colombotoday