World

කලිසම් ඇන්ද වරදට පවුලේ අය එක්ව කෲර ලෙස ඝාතනය කළ නේහා

නේහා පස්තුන් නැමැති 17 හැවිරිදි දැරියක ඇයගේ පවුලේ අය විසින්ම කෲර ලෙස මරා දැමීමේ සිදුවීමක් ගැන ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වේ.

එයට හේතුව බවට සැක කෙරෙන්නේ ඇය කලිසමකින් සැරසී සිටීමයි. නේහා කලිසම් අඳිනවාට ඇයගේ පවුලේ ඇතැමුන් විරුද්ධත්වය දක්වා ඇත. ඇය මෙම ඇඳුමෙන් සැරසී ආගමික වතාවත්වල නියැළෙමින් සිටියදී ඇයගේ සීයා සහ ආච්චිද, බාප්පලාද ඇයගේ ඇඳුම සම්බන්ධයෙන් විරෝධය දැක් වූ බව නේහාගේ මව වන සකුන්තලා දේවි පවසා තිබේ.

කලිසම් තිබෙන්නේ අඳින්නට බවත්, ඒ නිසා තමා ඒවා අඳින බවත් පවසමින් නේහා ඔවුන් සමග වාද කර තිබිණි. එය දුර දිග යාමෙන් පසු වැඩිහිටියන් සිය දියණියට පොලුවලින් කෲර ලෙස පහර දෙන්නට පටන් ගත් බවද සකුන්තලා දේවී සඳහන් කරයි. පසුව නේහා සිහිසුන් තත්ත්වයට පත්ව තිබිණි. එයින් පසු ඉහත කී වැඩිහිටියන් කුලී රියක් ගෙන්වා ගෙන ඇත්තේ නේහා රෝහලක් වෙත ගෙනයාමට බව පවසමිනි.

‘නමුත් ඔවුන් මට එන්න දුන්නෙ නැහැ. ඒ නිසා මම මගේ නෑදෑයන්ට මේ ගැන දැනුම් දුන්නා. ඔවුන් පසුව දිස්ත්‍රික්කයේ රෝහල වෙත ගියත් දියණිය එහි දකින්න ලැබී තිබුණේ නැහැ.’ යනුවෙන් සකුන්තලා පවසා තිබිණි. පසුදා උදයේ ඇයට, එම ප්‍රදේශයේ පාලමකින් එල්ලෙමින් ඇති කාන්තා මළ සිරුරක් ගැන දැනගන්නට ලැබී තිබිණි. ඇය පවසන පරිදි, එහි ගොස් බලද්දී ඔවුන්ට දැක ගන්නට ලැබී තිබුණේ ඒ නේහා ගේ මළ සිරුර බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසා තිබේ. ඒ දැරියගේ සීයා, ආච්චි, බාප්පා කෙනෙකු සහ කුලී රථයේ රියදුරා යන අයය.

Related posts

ඉන්දු – පාකිස්තාන් යුද්ධය ඇරඹෙයි

Admin

හිට්ලර් යළි උපදී, ලෝකයම හිනස්සයි (video)

colombotoday

ඇමරිකාව කියන්නේ අමූලික බොරු, රුසියානු මිසයිල ඉරානයට වැටුණේ නැහැ – ඉරානය

colombotoday

ලූලා ද සිල්වා තුන්වන වරටත් බ්‍රසීලය භාරගනී…

Admin

ISIS ත්‍රස්තවාදීන්ට රටවල් 40කින් මුදල් ලැබෙනවා – රුසියානු ජනපති පුටින්

colombotoday

6000km ක් දුර යා හැකි මිසයිලයක් රුසියාව සාර්ථකව අත්හදා බලයි – VIDEO

colombotoday