Colombo Today Local News

ප්‍රබල ඇමතිගෙන් වාහන බදු සහන කැබිනට් යෝජනාවක්.. කෝටි 1800ක් රජයට පාඩුයි !

රථ වාහන 2250 කට අදාළව වාහන කොටස්‌ ආනයනය කිරීම සඳහා බදු සහන පිරිනැමීමට අදාළ යෝජනාවක්‌ රජයේ ප්‍රබල අමාත්‍යවරයකු විසින් අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් එම යෝජනා ක්‍රියාත්මක වුවහොත් රජයට රු. කෝටි 1800 ක පමණ අතිවිශාල අලාභයක්‌ සිදුවනු ඇති බවත් රජයේ ඉහළ පෙළේ ආරංචිමාර්ගවලින් වාර්තා වේ.

අදාළ ඇමැතිවරයා විසින් දැනටමත් එම යෝජනාව ඇමැති මණ්‌ඩලයට ඉදිරිපත් කිරීමට සකස්‌ කර ඇති බවත්, බොහෝ දුරට එය අද (31 දා) කැබිනට්‌ මණ්‌ඩලය හමුවට ඉදිරිපත් කෙරෙනු ඇති බවත් එම ආරංචිමාර්ග කියයි.

මෙසේ එකලස්‌ කෙරෙන එක්‌ වාහනයකට අදාළ උපාංග වෙනුවෙන් සියයට 70 ක පමණ බදු සහනයක්‌ ලබාදීමට මෙමගින් යෝජනා කෙරෙනු ඇති බවත් අදාළ ආයතනය ආනයනය කරනු ලබන ඉහළ පෙළේ වාහනවලට අදාළ උපාංග මේ බදු සහනය යටතේ ගෙන්වුවහොත් එක්‌ වාහනයකින් පමණක්‌ රජයට රු. ලක්‍ෂ 80 ක පමණ අලාභයක්‌ සිදුවීමට ඉඩ ඇති බවත් එම ආරංචිමාර්ග කියයි.

මෙමගින් රජයට විශාල බදු අලාභයක්‌ සිදුවන බවත් මේ හරහා විශාල මූල්‍ය වංචාවක්‌ සිදු කිරීමේ උත්සාහයක්‌ ඇති බව පැහැදිලිවම පෙනෙන බවත් පැවසේ.

මෙය රටට හිතකර ආයෝජනයක්‌ බවත් මෙමගින් රැකියා අවස්‌ථා රැසක්‌ ලැබෙන බවත් පවසමින් මේ අතිවිශාල බදු සහනය ලබාදීමට යෝජනා කෙරෙනු ඇති බවද එම ආරංචිමාර්ගවලින් තවදුරටත් වාර්තාවේ.

(දිවයින)

Related posts

නිදන කාමරය තුළ ජංගම දුරකථන තබා ගැනීමෙන් භයාන ප්‍රතිපල.. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් අනතුරු ඇගවීමක්

colombotoday

ඥානසාර හිමි නිදහස් කරන්න සියලුම මහ නාහිමිවරු ජනපතිට දන්වති

colombotoday

සේවක තොරතුරු යාවත්කාලීන කරගන්නා ලෙසට ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලයි

colombotoday

ලේ බැංකුවේ රුධිර ඇසුරුම් හිඟයක්

colombotoday

වසන්ත රෝහිණී ගැටෙයි

Admin

එජාප මහ ලේකම් ධුරය යලිත් රංගෙ බණ්ඩාරට

Admin