Covid 19

වැල්ලවාය, පොලිස් ස්ථානයේ කොවිඩ් පොකුරක්

වැල්ලවාය, පොලිස් ස්ථානයේ නිලධාරීන් දාහත් දෙනෙකුට කොවිඩ් -19 ආසාදිදනය වී ඇති බව අනාවරණය වී තිබේ.

එම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට සිදුකළ රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් ඒ බව හඳුනාගත් බව වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.

එම පොලිස් ස්ථානයේ කාන්තා නිලධාරීනියන් හතර දෙනෙකු කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වීම නිසා ඊයේ (27)දින වැල්ලවාය මූලික රෝහලේ දී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරගෙන ඇත.

එහිදී එම නිලධාරිනියන් හතර දෙනාම කොවිඩ් ආසාදිත බවට අනාවරණය දී තිබේ.

එම නිසා වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල ළඟම නෑදෑයන්ව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා අද දින යොමුකර තිබුණි.

අද දින වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් විසින් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල නෑදෑයන්ගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 96ක් සිදුකර ඇති අතර ඒ අනුව විසි දෙනෙක් කොවිඩ් ආසාදිත බවට අනාවරණය වී තිබේ.

ඉන් දහතුන් දෙනෙකු වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් වන අතර අනෙක් හත් දෙනා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් බව වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය එස්.එච් පියසුමන මහතා වැඩිදුරටත් පැවසීය.

අද වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් දහතුන්දෙනා ද සමග වැල්ලවාය පොලිස් ස්ථානයේ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 17 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

කෑගල්ල රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකුට කොවිඩ් ආසාදිතයි

colombotoday

මට්ටක්කුලිය මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ 14 ට කොරෝනා

colombotoday

තවත් කොරෝනා මරණයක්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 414ක් හදුනා ගනී

colombotoday

දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ බටහිර හුදකලා කරයි.

colombotoday

එන්නතට ලියාපදිංචි වීමට දුන් 1906 අංකය වැඩ නෑ.

colombotoday