Colombo Today Local News

විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින් 142ක් කොවිඩ් ආසාදිතව මිය ගිහින්

විදෙස් රැකියාවල නිරත ලාංකිකයින් 142 දෙනෙකු කොරෝනා ආසාදිතව මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක, මංගල රන්දෙණිය මහතා සඳහන් කළේ, ලාංකික ශ්‍රමිකයින් 4800 ඉක්මවූ පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බවයි.

ඉන් 4600 දෙනෙකු මේ වන විට සුවය ලබා තිබේ.

මැදපෙරදිග ඇතුළු රටවල් 16 කින් එම මරණ සහ ආසාදිතයින් වාර්තා වී තිබේ.

මංගල රන්දෙණිය මහතා සඳහන් කළේ, එම සියලු පුද්ගලයින් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය ලබාගෙන රැකියා සඳහා පිටත්ව ගිය පුද්ගලයින් බවයි.

Related posts

එස්.එෆ් ලොක්කට ගේම දුන්නේ පොලිසියෙන්මයි – උද්දිකගේ නඩුවෙන් හෙළි වූ දේ මෙන්න

Admin

T 56 පතොරම්, ගංජා හා යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් සන්තකයේ තබා ගත් 4ක් අත්අඩංගුවට..

colombotoday

පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ රථවාහන 63ක් පොලිස් භාරයට

colombotoday

සජිත් කෙහෙල් ඇවරියෙන්..?

colombotoday

අලුත් අගමැති රාජිත ?

colombotoday

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් සලකා බැලීම සිව්වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇරඹෙයි

colombotoday