Colombo Today Local News

මංගල සමරවීර, ලන්ඩන් ඊළාම් ඩයස්පොරාව ඉදිරියේ නැවතත් හමුදාව පාවා දෙයි !

ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරන චැනල් 4 රූපවාහිනියේ කැලම් මැක්‌රේගේ නෝ ෆයර් සෝන් චිත්‍රපටය යළි මතුවී ඇත.

මේ චිත්‍රපටය ගැන විදේශ ඇමැති මංගල සමරවීර බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර චැතම් හවුස්‌ මන්දිරයේදී ඊළාම් ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් නැඟූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්‌වමින් හමුදාවේ පිරිසකට එම නෝ ෆයර් සෝන් චිත්‍රපටය ප්‍රදර්ශනය කළ බවත් ඔවුන් එය නරඹා හැඬූ බවත් ඉන්පසු මේ වගේ අපරාධ සිදුවූයේ ද යන්න ගැන ප්‍රශ්න කළ බවත් සඳහන් කරුණු ලැබීය.

මෙයට මාස ගණනකට පෙර සමරවීර මහතා පැවසුවේ කැලම් මැක්‌රේගේ චිත්‍රපටයේ සිදුවීම් පිළිගන්න බවත්ය.

මෙම පසුබිම මත නැඟෙන බරපතළ ප්‍රශ්නය නම් කොටි සංවිධානය යුද අපරාධ සිදුකිරීම ගැන නිහඬවීමයි.

කොටි යුද අපරාධ 300 කට අධික සංඛ්‍යාවක්‌ සිදුකළා. මම ඒ ගැන චිත්‍රපට නිර්මාණය කළේ නැහැ යෑයි මා ජිනීවාහිදී කැලම් මැක්‌රේගෙන් ප්‍රශ්න කළෙමි.

මම කොටි කළ අපරාධ ගැන චිත්‍රපටයක්‌ කරනවා යෑයි මැක්‌රේ පැවසුවත් 2017 වසර ආරම්භය දක්‌වාම ඔහු එවැනි චිත්‍රපටයක්‌ කළේ නැත.

මේ පසුබිම මැද ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් ශ්‍රී ලංකා රජය යුද අපරාධ චෝදනා විමර්ශනයට ජාත්‍යන්තර විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කිරීමට ක්‍රියා නොකළ බවට පැමිණිලි කිරීම සඳහා ජිනීවා යන බව පවසා ඇත.

ඔහුට පෙර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ප්‍රධානි පාති්‍යසෝක සරවනමුත්තු හෙවත් පියරා ලේකම් ධුරය දැරූ ජාතික සංහිඳියා කර්ය සාධක බළකාය ජාත්‍යන්තර විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු බව දක්‌වමින් භයානක නිර්දේශයක්‌ ඉදිරිපත් කළේය.

එවන් අධිකරණයකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එරෙහිවී ඇත.

එහෙත් ජාත්‍යන්තර ජූරි සභිකයන්ගේ සංවිධානය සහ මෙරට රාජ්‍ය නොවන සංවිධාන ද මානව හිමිකම් කොමසාරිස්‌ගෙන් හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ සිට ක්‍රියාත්මක වන හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානය තම 2017 වාර්තාවේ සඳහන් කළේ ශ්‍රී ලංකා රජය සංක්‍රාන්ති අධිකරණ හතරකට එකඟ වූ බවයි.

එය වැරදි ද නිවැරදි ද යන්න ගැන රජය අද වන තුරු ප්‍රකාශ කර නැත.

මේ තත්ත්වය මත ලන්ඩන් නුවර චැතම් හවුස්‌ මන්දිරයේදී විදේශ ඇමැති මංගල සමරවීර මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ආපසු හැරෙන්නේ නැතිව ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කරන බවයි.

එහෙත් ඊට පෙර රැඳවුම් භාරයේ සිටින බිහිසුණු අපරාධ සිදුකළ කොටි ත්‍රස්‌තයන් ද්‍රවිඩ සන්ධානය මාර්ගයෙන් නිදහස්‌ වීමට උත්සාහ කරන බව වාර්තා වී ඇත.

අත්අඩංගුවට පත්නොවූ 300 ක කොටි උතුරේ සිටී. ඔවුන් සම්බන්ධව රජය මෙතෙක්‌ පියවර ගෙන නැත. එසේ නම් යුද හමුදාවට පමණක්‌ චෝදනා එල්ල කරන්නේ කෙසේද?

ජිනීවා යෝජනාව තුළින් යුද හමුදාවට පමණක්‌ දඬුවම් දිය යුතුද?

ලබන ජනවාරි 31 දා කොටුවේ මහ බැංකු බෝම්බය පිපිරීමේ දිනයයි.

මේ බිහිසුණු සිද්ධිය නිසා විපතට පත්වූ බැංකු නිලධාරීන් හා නිලධාරිනියන් අදටත් දුක්‌විඳී. එක්‌ බැංකු නිලධාරිනියකගේ දැස්‌ අහිමි වී ඇත. එහෙත් ඇයට යුක්‌තිය ඉටුවේද?

කොටුවේ මහ බැංකු බෝම්බ සිද්ධිය ගැන අද කිසිවෙක්‌ කතාකරන්නේ නැත. එය යුද අපරාධයක්‌ නොවේද?

1996 ජනවාරි 31 දා සිදුවූ මහ බැංකු සිදුවීමෙන් 91 කට අධික සංඛ්‍යාවක්‌ මරුමුවට පත්විය. තවත් විශාල පිරිසක්‌ තුවාල ලැබූහ. ඇස්‌ අන්ධවූ සංඛ්‍යාව රැසකි.

එහෙත් මේ සිද්ධිය මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිල්ලක්‌ ලෙස ඉදිරිපත් වූයේ නැත.

එසේම කොටි නායක ප්‍රභාකරන්ට එරෙහිව කිසිදු රටක්‌ දැඩි පියවරක්‌ ගැනීමට ක්‍රියා නොකළේය.

නෝ ෆයර් සෝන් චිත්‍රපටය ගැන හඬ නඟන ඊළාම් ඩයස්‌පෝරාව මේ සිදුවීම් සාධාරණීකරණය කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

ඥානසාර හිමි දේශපාලන සිරකරුවෙක්….!!!

colombotoday

දුම්රියේත් යහපාලනය තිතටම.. ඇබෑර්තු ඇත.. තනතුරු ඇමති හෙංචයියන්ට පමණයි !

colombotoday

මුල්ලේරියාවේදී හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

දෙමළ සන්ධානය විදෙස් තානාපතිවරුන්ට ගතු කියයි… වහා මැදිහත් වන්නැයි ඉල්ලයි…

colombotoday

2015දී රජය 7ත් වතාවක් ණය අරන්.. මහ බැංකුවට බිලියන 32ක් පාඩුයි !

colombotoday

මම අමාත්‍යාංශ වල විෂයන් බෙදා අවසන්

Admin