Colombo Today Local News

රිෂාඩ් ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් විනිසුරු ජනක් ද සිල්වා ඉවත්වෙයි

තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන විනිසුරු මඩුල්ලෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ඉවත්වී තිබේ.

මෙම පෙත්සම් අද (28)දින විජිත් මළල්ගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

තමා පාස්කු කොමිසමේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කළ හෙයින් පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වන බව සාමාජික විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් දැනුම්දුනි.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම ජුනි මස 4 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා මහත්මිය මෙම පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් ගෙන් උපදෙස් ලබාගැනීම සඳහා තමන්ට කල් අවශ්‍ය බවත් කෙටි විරෝධතා ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවත් දන්වා සිටියාය.

Related posts

නිර්පාක්ෂිකයන්ට පහරදුන්නාට බේරේ වැවේ ගිල්වයි. කැබ්රථයක් සහ බසයකුත් වැවේ

colombotoday

මහනුවර දිස්ත්‍රික්කයට පොලිස් ඇදිරි නීතිය !!

colombotoday

බස්නාහිර පළාත් අවසන් වාර විභාග ගැන ගත් තීරණය

colombotoday

කටුනායක නිදහස් වෙළෙද කලාපයේ කොරෝනා පාලනයට නාවික අනුකණ්ඩයක්

colombotoday

කැබිනට් සංශෝධනයට නිහඬ විරෝධයක් : ප්‍රබල අමාත්‍යවරු කිහිප දෙනෙක් විදේශ ගතවෙති

colombotoday

අනුරගේ ඉන්දියා-චීන ගිවිසුම් කොළඹට ප්‍රබල මැදිහත්වීමක්

Admin