World

කොරෝනා දේවතාවිය ඉන්දියාවේ කෝවිලකට වඩියි. ජනතාව පුජාවට්ටි ගෙන පොරකමින් වදියි.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ හින්දු කෝවිලකට, ‘කොරෝනා දේවි’ යනුවෙන් නම් කළ අලුත් දේවතාවියක ‘වැඩ සිටින’ බවත්, ඇය වෙනුවෙන් පුද පූජා පැවැත්වීම පවා ආරම්භ වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පවසයි.

මෙම කොරෝනා දේවතාවිය, වැඩ සිටින්නේ තමිල්නාඩුවේ කොයිම්බටෝර් නුවර, කමට්චිපූරි අධිනාම් හින්දු කෝවිලේ යැයි රොයිටර් පුවත් සේවය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

තවමත් ලොව දෙවැනියට වැඩිම ආසාදිතයන් ඉන්දියාවෙන් වාර්තා වන අතර, ඉන්දියාවේ සෑම ප්‍රාන්තයක්ම කොරෝනා වෛරසයෙන් දරුණු ලෙස බැටකන බව වාර්තා වේ.

ඒ අතර තමිල්නාඩු ප්‍රාන්තය ද ඇති අතර, ප්‍රාන්ත රජය සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් පිළිපඳිමින් ප්‍රාන්තය ලොක්ඩවුන් කර තිබේ.

කෝවිලේ පූජකයන්, ‘කොරෝනා දේවි’ නමින් නම් කළ නව දේවතාවියගේ පිළිම දෙකක් කොයිම්බටෝර් හින්දු කෝවිලේ ඇත.

සංචරණ තහංචිවලට පිටුපාමින්, තමන් කොරෝනා රෝගයෙන් ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලමින් සහ කන්නලව් කරමින්, කොයිම්බටෝර් වැසියන් ‘කොරෝනා දේවි’ ඉදිරියට පැමිණෙන බවත්, පූජා වට්ටි සඳහාත්, පඩුරු වශයෙනුත් මුදල් කෝවිලේ පූජකයන්ට මුදල් ලබා දෙන බවත් වාර්තා වේ.

කමට්චිපූරි අධිනාම් කෝවිලට පෙළ ගැසෙන ජනතාවගේ විශ්වාසය, කොරෝනා වසංගතය පාලනය කිරීමට ‘කොරෝනා දේවි’ කටයුතු කරනු ඇති බවය.

Related posts

ඇෆ්ගනිස්ථාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඉදිරිපිට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

Admin

ස්විට්සර්ලන්තයේ බුර්කා තහනම ජනමත විචාරණයෙන් තීන්දු වෙන ලකුණු.

colombotoday

ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්වෙයි

colombotoday

ඇමරිකාවේ මුස්ලිම් පූජකයෙක් මහමගදී වෙඩි තබා මරයි

colombotoday

කොවිඩ් පාලනයට එරෙහි ව නෙදර්ලන්ත වැසියන්ගෙන් පොලිසියට ප්‍රහාර

colombotoday

දකුණු කොරියානු ඉතිහාසයේ පළමු වරට යෝධ පැන්ඩෙක් නිවුන් පැටවුන් බිහිකරයි

Admin