බංග්ලාදේශ කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන තුන්වන එක්දින ක්රිකට් තරගයේදී සිය එක්දින ක්රිකට් දිවියේ 6වන ශතකය වාර්තා කිරීමට කුසල් පෙරේරා අද (28)දින සමත් විය.
නායකත්වයේ ඉනිමක් ක්රීඩා කළ කුසල් ජනිත් පෙරේරා පන්දු 122කදී ලකුණු 120ක් ලබාගත්තේ දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 11ක් සමගයි.
කුසල්ට අමතරව දනුෂ්ක ගුණතිලක ලකුණු 39ක් රැස්කර ගත්තේය.
කාසියේ වාසිය දිනා ගනිමින් මුලින්ම පන්දුවට පහරදෙන ශ්රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 39යි පන්දු 4කදී කඩුළු 4ක් දැවී ලකුණු 217ක් රැස්කර ගෙන සිටියි.