Covid 19

දෙවරක් පැනගිය කොවිඩ් ආසාදිතයා මරුට බිලි

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර පසුගිය 14 වැනිදා දෙවරක් ඉන් පැනගිය කොවිඩ් ආසාදිතයා මිය ගොස් තිබේ.

හෝමාගම රෝහල් පොලීසිය පැවසුවේ මියගිය කොවිඩ් ආසාදිතයා 65 හැවිරිදි රාගම ඉහළගම පදිංචිව සිටි අයෙක් බවය.

ඔහුගේ අවසන් කටයුතු මීගොඩ මුතුහේනවත්ත පොදු සුසාන භූමියේදී සිදුකර තිබේ.

ඉකුත් 14 වනදා පැනගොස් සිටි එම ආසාදිතයා සොයා ගැනුණේ යාබද නිවසක් අසල රැඳී සිටියදීය.

පසුව ඔහු නැවතත් එදින පස්වරු 3ට පමණ රෝහලෙන් පළාගොස් තිබුණි.

රෝහල් පොලීසිය සිදුකළ සෝදිසි මෙහෙයුමකින් පසුව එම ආසාදිත පුද්ගලයා රෝහලට මීටර් 500 ක් පමණ දුරින් පිහිටි ගලවිලවත්ත දුම්රිය ස්ථානයට යාබද නිවසක් අසල රැඳී සිටියදී සොයා ගැණුනි.

Related posts

ඇඹිලිපිටියේ 72ක් PCR පරීක්ෂණයට

colombotoday

ගම්පහ රෝහලේ කොවිඩ් වාට්ටුවල ප්‍රතිකාර යළි ඇරඹෙයි | කිරිබත්ගොඩ රෝහල් කාර්යාලයේ 7කට කොවිඩ්

colombotoday

තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday

STF නිලධාරීන් දස දෙනෙක්ට කොවිඩ්

colombotoday

තවත් කොවිඩ් මරණ 20ක්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 7ක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

colombotoday