තුර්කි විදේශ කටයුතු අමාත්‍ය Mevlut Cavusoglu මහතා අද(28) නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය.
අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත තුර්කි විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සමග 13 දෙනෙකුගෙන් සමන්විත දුත පිරිසක් පැමිණි බවයි වාර්තා වන්නේ.
ඔවුන් පිළිගැනීම සදහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහ ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිවරයා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
එක්දින නිල සංචාරය අවසන් කරමින් අද පස්වරුවේ ඒ මහතා ඇතුළු ධූත පිරිස දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.