Colombo Today Local News

බැදුම්කර වංචාවෙන් සේවක අර්ථසාධක අරමුදලට කෝටි 1490ක පාඩුවක් !

මහබැංකු බැදුම්කර වංචාවෙන් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් කෝටි 1490ක පාඩුවක් සිදුව තිබෙන බව, බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වූ පාර්මේන්තු විවාදයට ඊයේ (24) එක්වෙමින් ජනති විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසා සිටියේ.

‘‘සෘජුව හා වක්‍රව පර්පචුවල් සමාගම රුපියල් කෝටි 23,000ක බැඳුම්කර මිලදී ගෙන තිබෙනවා. බැඳුම්කර ගනුදෙනුව නිසා මාස 14ක් ඇතුළත සේවක අර්ථසාධක අරමුදලට ඇතිවී තිබෙන පාඩුව කෝටි 1490 යි. තමන් විශ්‍රාම යෑමේදී, ලෙඩකදි තමන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඉතිරි කළ මුදල. එය කණ්ඩායමක් විසින් ගිලගෙන තිබෙනවා. එම මුදල් ගලාගෙන ගියේ පර්පෙචුවල් සමාගමට. බැඳුම්කර මිලදී ගන්නා අනිත් සමාගම් සියයට තිස් ගණනකින් වත්කම් වර්ධනය කර ගනිද්දී පර්පෙචුවල් සමාගමේ වත්කම් 1853 % කින් වැඩි වෙළා. මේ කාලයේ මිලියන 13,000 ක ලාබයක් එම සමාගමට ලැබී තිබෙනවා. ‘‘ යයිද පැවසූ අනුර කුමාර දිසානායක මහතා…..

‘‘මෙම වංචාවට හවුල්වූවන් විගණකාධිපතිටත් බලපෑම් කළා. ඔහුගේ ස්වාධීනත්වය අභියෝගයට ලක් කරන්න උත්සාහ කළා. විගණකාධිපති දඬුකඳේ එල්ලා ගල් ගසා මරා දමන අකාරයෙනුයි පොදු ව්‍යාපාර කාරක සභාවේදී ඔහුගෙන් ප්‍රශ්න කරන්න ගත්තේ. එම සභාවෙදි විගණකාධිපතිට හා නිලධාරීන්ට එල්ල කළ තර්ජනයේ අදහස ඔවුන් බිය කිරීමටයි. ඒත් නිලධාරීන් ඊට යටත් වුණේ නෑ. ” යයිද පැවසීය.

Related posts

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දවස

Admin

සමාජ මාධ්‍ය ජාලා යථා තත්වයට

colombotoday

තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගත් CCD කොස්තාපල් වෙනත් අංශයකට භාර දෙයි

colombotoday

ශ්‍රීලනිප පාක්ෂිකයෝ ඉන්නේ මෛත්‍රී මරාගෙන කන්න බලාගෙන.. අදටත් ශ්‍රීලනිප බහුතරය මහින්දටයි

colombotoday

ගාලු වරායේ ව්‍යාපෘතියක් නවතී… කෝටි 42ක් වතුරේ

colombotoday

සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday