Colombo Today Local News

ඉදිරි සතිය තීරණාත්මකයි.. ජනපති දැඩි තීරණ රැසක් ගන්න යයි !

ජනාධිපතිවරයා විසින් ජනතාවට හොද තීරණ රැසක් ප්‍රකාශ කිරීමට නියමිත බවත්, එබැවින් ලබන සතිය දේශපාලන ක්ෂේත්‍රෙය් තීරණාත්මක වන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇමතිවරයා මේ බව පැවසුවේ කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

‘ඉදිරියේ දී ඇතිවන නියඟයට මුහුණ දීම සදහා ජනාධිපතිවරයා විසින් විශේෂ වැඩපිළිවෙලක් දියත් කර තිඛෙනවා. සෑම දිස්ත්‍රීක් ලේකම්වරයෙකුටම රජය විසින් අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී අවසන්. කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට පානීය ජල පහසුකම් සැපයීම සදහා ජල බවුසර 15 ක් ලබාදී ඇති අතර, ඉදිරියේ දී තවත් ජල බවුසර 05 ක් ලබාදීමට නියමිතයි. එමෙන්ම ජල ටැංකි 250 ක් ලබාදී ඇති අතර, ඉදිරියේ දී තවත් ජල ටැංකි 150 ක් ලබාදීමට පියවර ගෙන තිඛෙනවා. ක්ෂණික සහන සැළසීෙමි කටයුතු සදහා දිස්ත්‍රික් ලේකම්වරයාට රුපියල් මිලියනයක් ලබාදී තිඛෙනවා. වසර දෙකක් තුල යහපාලන රජය ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස ජනතාවට ලබාදී තිඛෙනවා. වර්තමානයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විෙවිචනය කිරීමටත්, ජනතාවට අයිතිය හිමි වී තිඛෙනවා. ජනතාවට 2015 ජනවාරි 08 වනදායින් පසු ලබාදුන් සහන ඇතැම් අයට අද අමතක වෙලා. රාජ්‍ය සේවක වැටුප් පසුගිය ජනවාරි මස 01 දින සිට රුපියල් 5000 කින් වැඩි වී තිඛෙනවා.

Related posts

දුම්රිය කර්මාන්ත ශාලාවකට ආ හොරෙක් වෙඩි කයි

Admin

සංශෝධිත බදු පනතක් ගැසට් කෙරේ…

colombotoday

තේ අපනයනය පහත වැටේ.. සත්වසරකදී අඩුම අපනයන 2016 දී

colombotoday

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නායක හිමිපාණන් අපවත් වෙයි

colombotoday

වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ රෝගීන්ට හිසේ තෙල් ගාන්න ගිය පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

colombotoday

ඔලෙත්තෙඩුවායියෙන් මුහුදු ගිය ධීවරයන් තිදෙනෙකු අතුරුදන්

colombotoday