Colombo Today Local News

ඉෂාලිනිගේ සිරුර ගොඩගැනීම 30වනදා.. දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටිය දී පිළිස්සුම් තුවාල සහිතව මියගිය 16 හැවිරිදි දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පත්කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නම් කිරීම සහ නීතිපතිවරයාගේ නිර්දේශ මත අධිකරණය විසින් එම කණ්ඩායම පත්කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිසපත් අජිත් රෝහණ මහතා පැවසීය.

එම වෛද්‍ය කණ්ඩායමට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජීන් පෙරේරා මහත්මිය, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ, ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සමීර ගුණවර්ධන හා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේරසිංහ යන අය ඇතුළත් වේ.

එම විශේෂඥ මණ්ඩලය විසින් ලබන සිකුරාදා (30) දැරියගේ භූමදාන කටයුතු සිදුකළ ඩයගම ප්‍රදේශයේ සුසාන භූමියේ දී සිරුර ගොඩගැනීමට නියමිතව තිබේ.

Related posts

මාතර ආසන හතම මේ පාර මාලිමාවට

Admin

ආර්ථික මධ්‍යස්ථාන රැසක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පහතට

Admin

“සිවිල් සංවිධාන, ආචාර්ය මහාචාර්යල කරන්නේ මොන්ටිසෝරි වැඩ.. එයාලට මම බය නෑ“ – ජනපති

colombotoday

විශ්වවිද්‍යාල සිසු පා ගමනට එරෙහිව පොලිසිය ඉල්ලූ තහනම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි

colombotoday

ආණ්ඩුවෙන් ගිය 16 සහය ඒකාබද්ධ විපක්ෂයට!

colombotoday

2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

colombotoday