Colombo Today Local News

“ජනපතිට වරම ලැබුණේ උතුරෙන්.. නව ව්‍යවස්ථාවක් ගෙනත් බලය බෙදීමට ඔහු බැදී සිටිනවා“ – කිරිඇල්ල

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතට බහුතර බලය ලැබුණේ උතුරු නැගෙනහිර පළාත්වලින් බවත්, එනිසා විධායක ජනාධිපති ධූරය අහෝසි කර නව ව්‍යවස්ථාවක් මගින් බලය බෙදීමට ඔහු බැදී සිටින බවත් ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඇමති වරයා මේ බව පැවසුවේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී “නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ජනාධිපතිවරයාට වරමක් ලැබී නැතැයි“ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදීයි.

13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ බලය බෙදුවා. නමුත් 13 යටතේ බලය බෙදීම ප්‍රමාණවත් නැහැ කී පළමු රාජ්‍ය නායකයා තමයි මහින්ද රාජපක්‍ෂ. එතුමා නිරන්තරයෙන්ම ප්‍රකාශ කළා යුද්ධය යන කාලයේ. ඉන්දියාවට ගිහින් පවා කිව්වා. ප්‍රසිද්ධියේ පැහැදිලිව කිව්වා 13 ට එහා යන විසඳුමකට කැමතියි කියලා. ඒ ඉන්දියාව සමනය කර ගන්න. ඔහුගේ හිතේ තිබුණා ඉන්දීය මැදිහත් වීමක්‌ සිදුවෙයි කියලා යුද්ධය යන කාලයේ. අපි රට බෙදන්නේ නැහැ. නමුත් එදා කී විසඳුමට අපි යා යුතුයි. එතුමා අවංකවම ඒ දේ කිව්ව ද දන්නේ නැහැ. නමුත් ඔහු කියා තිබෙනවා. යුද්ධය යන කාලයේ එහෙම ප්‍රකාශ කළත්, යුද්ධය අවසන් වීමෙන් පසුව ඇහැව්වා 13 ට එහා යන විසඳුම කෝ කියලා. එවිට එතුමා කිව්වා මට ඒක කරන්න බැහැ කියලා. ඒක කළ යුත්තේ පාර්ලිමේන්තුවෙන් කිව්වා. උතුරේ ප්‍රශ්නයට තේරීම් කාරක සභාවෙන් ලබා දෙන ඕනෑම විසඳුමක්‌ ලබා දෙන්න සූදානම් බව කිව්වා. නමුත් ඔහුට තේරීම් කාරක සභාවක්‌ පත් කරන්න බැරි වුණා. සුළු දේශපාලන පක්‍ෂවලට ඔහු ගැන විශ්වාසයක්‌ තිබුණේ නැහැ.

13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට එහා ගිය බලය බෙදීමක්‌ අවශ්‍ය බවට එදා මහින්ද රාජපක්‍ෂ මහතා විසින් දුන් පොරොන්දුව වත්මන් රජය ඉටු කරන බවත් නව ව්‍යවස්ථාව හරහා 13ට එහා ගිය බලය බෙදීමක් ලබා දීමට දැන් සාකච්ඡා කරගෙන යන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

 

Related posts

ලංවිම 2017 අලාභය කෝටි 4923 යි… 2016 අලාභයට සාපේක්ෂව 240%ක වැඩිවීමක්

colombotoday

එක්නැළිගොඩ ඝාතනයට අණ දුන් ලොක්කෙක් ළගදීම අත්අඩංගුවට ?

colombotoday

මවගෙ රැකවරණයෙ සිටියදී පැහැරගෙන ගිය දරුවකු පොර උරයක දමා වැව් තාවුල්ලකට විසි කරලා

colombotoday

වෙළෙඳපොළේ ඇති ලියාපදිංචි නොකළ ඖෂධ වර්ග 7ක් සොයා විමර්ශන

colombotoday

කොළඹ නගරයට විදුලි බස් රථ

colombotoday

රොහින්ග්‍යා සංක්‍රමණිකයන් බූස්ස කඳවුරට !

colombotoday