Colombo Today Local News

භාණ්ඩ හා සේවා අපනයනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 15.1ක්

2021 වසරේ දී ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 15.1ක් උපයාගෙන ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එය 2020 වසරේ උපයන ලද අමෙරිකානු ඩොලර් බිලියන 12.34 හා සසඳන විට 23% ක වර්ධනයක් බවය.

ඉතිහාසයේ ප්‍රථම වතාවට 2021 වසරේ දී භාණ්ඩ අපනයනයෙන් උපයන ලද අමෙරිකානු ඩොලර් බිලියන 12ක සීමාව පසු කරමින් අමෙරිකානු ඩොලර් බිලියන 12.5 උපයන ලදි.

එය 2021 වසරේ අපනයන ඉලක්කය අභිබවායෑමක් මෙන්ම 2020 වසරට සාපේක්ෂව 24% ක වර්ධනයක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ අනුව 2021 වසරේ මාස 8ක් තුළ දී මාසික වෙළෙඳ අපනයන ආදායම ඩොලර් බිලියනයේ සීමාව පසුකර තිබීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනය 2021 වසරේ දී අමෙරිකානු ඩොලර් බිලියන 15.1ක් උපයා ගනිමින් අපේක්‍ෂිත ඉලක්කය කරා ළඟාවීම පිළිබඳ ව අපනයනකරුවන්ට විශේෂයෙන් ස්තූති කරන බවද වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

Related posts

ඩ්‍රෝනයෙන් ගුවන්තොටුපොළ වීඩියෝ කළ විදේශිකයින් 4ක් අත්අඩංගුවට

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

විදුලි ගාස්තු සංශෝධනය වෙනත් ක්‍රමවේදයකින්?

Admin

වැටලීමකදී පොලිස් කොකා ගැස්සී තරුණිය මරුට

Admin

බන්ධනාගාර රැඳවියන් 417 කට විශේෂ රාජ්‍ය සමාවක්

colombotoday

අමාත්‍ය මහින්දානන්දට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත​ට

colombotoday