Colombo Today Local News

යහපාලන “TOP 10“ හයවැන්නා නම් කරයි… අගමැතිගේ සමීප හිතවතෙක් !

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගින් ඇණවුම් කර තිබූ එයාර් බස්‌ ගුවන් යානා තුනක්‌ මිලදී ගැනීම අවලංගු කර රජයට රුපියල් බිලියන 150 ක්‌ අහිමි කළ බවට චෝදනා කරමින් ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ කරන ලෙසට ඉල්ලා ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඊයේ (18දා) රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතාට හා අග්‍රාමාත්‍ය උපදේශක චරිත රත්වත්තේ මහතාට විරුද්ධව අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමට හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්‌ කරන ලදී.

මෙම මුදල අහිමිකිරීමට අමතරව එම ගනුදෙනුව හරහා අගමැතිවරයාට හිතවත් රජයේ ප්‍රබල නිලධාරියකු ඇමරිකානු ඩොලර් මිලියන 10 ක කොමිස්‌ මුදලක්‌ ලබා ගැනීම පිළිබඳ පරීක්‍ෂණයක්‌ කරන ලෙසත් පැමිණිල්ලෙන් ඉල්ලා තිබුණි.

ඇමැතිවරයාට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු අධ්‍යක්‍ෂ මණ්‌ඩලයද මෙහිදී වරදක්‌ සිදුකර ඇති බවට එම චෝදනාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක සුරේන් රත්වත්ත මහතා, අගමැතිවරයාගේ සමීපතම හිතවතකු වන චරිත රත්වත්තේ මහතාගේ සොයුරාවේ.

මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පෙර බොරැල්ල ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවේදී එම ගනුදෙනුව සිදුවී ඇති ආකාරය පිළිබඳව අදහස්‌ දැක්‌ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

” ආණ්‌ඩුවේ දූෂිත ගනුදෙනු හෙළිදරව් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය විසින් ආරම්භ කළ යහපාලන ටොප් ටෙන් වැඩසටහනේ හයවැන්න ලෙසට මෙම පැමිණිල්ල ඉදිරිපත් කෙරෙනවා. මෙයට පෙර අගමැතිවරයා ඇතුළු ඇමැතිවරුන් පස්‌දෙනකුට එරෙහිව අල්ලස්‌ හා දූෂණ විමර්ශන කොමිසම හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා.

අද ආණ්ඩුව ඇතුළු ලොකු අර්බුදයක්. අද රට පාලනය කරන්නේ ආණ්ඩුව ගෙන්න දරදිය ඇදපු අය නෙමෙයි. අගමැතිතුමාගේ ‘මල්කී – පස්කී – රත්ති ‘ කල්ලිය. මේ ගැන ආණ්ඩුවේ මැති ඇමතිවරු අතර බරපතල විරෝධයක් තියනවා. ඇමතිවරුන්ට නියෝග දෙන්නේ මේ කල්ලිය. කොමිස් ගන්නේ මේ කල්ලිය. ඒ නිසා අද ඇමතිවරුන් ඒ හොරකම් ගැන තොග පිටින් ෆයිල් අපට දෙනවා”

අග්‍රාමාත්‍ය උපදේශක චරිත රත්වත්තේ මහතා විසින් අගමැති උපදෙස්‌ පරිදි කටයුතු කරන ලෙස දන්වමින් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සභාපතිවරයා වෙත යවන ලද ඊමේල් පණිවුඩයක පිටපතක්‌ හා කැබිනට්‌ අනුමැතියක්‌ නොගන්නා බවත් නීතිපතිවරයාගේ අනුමැතියත් අනවශ්‍ය බවත් දන්වමින් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යවන ලද ලිපි ලේඛන ඇතුළු ඊට අදාළ තවත් ලිපි ලේඛන හයක්‌ද පැමිණිල්ල සමඟ ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවැසීය.

එසේ ඉදිරිපත්කල ලිපි ලේඛන කිහිපයක් පහත පළවේ.

Related posts

ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න CID අත්අඩංගුවට ගන්න යයි

colombotoday

නව අධිකරණ ඇමති දිවුරුම් දීමෙන් පසු සිදුකළ දේ

colombotoday

ප්‍රභාකරන් සැමරෑ අයට ආණ්ඩුවෙන් විසුමක් නැතිවෙයි.. අල්ලා හිරේ දාන්න සොයයි !!

colombotoday

පළාත් පාලන මැතිවරණ පනතේ දුර්වලතා ඉවත් කරන්න – මැතිවරණ කොමිසම විෂය භාර අමාත්‍යාංශයට දැනුම් දෙයි

colombotoday

පරිප්පු සහ සැමන් මිල අඩු කරයි

colombotoday

කොවිඩ් සිරුරු උපද්‍රවකාරී අපද්‍රව්‍යයක් බැවින් පරිසර ආරක්ෂණ නීති අනුගමනය කරන්න. නැත්නම් නීතිමය පියවර ගන්නවා.

colombotoday