Colombo Today Local NewsNew Constitution

“මේ ව්‍යවස්ථාව ගේන්නෙම රටේ ඒකීය භාවය අහෝසි කිරීමටයි“ – රතන හිමි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පත් කළ කමිටු ඉදිරිපත් කළ වාර්තා මගින් රටේ ඒකීයභාවය අහෝසි කරන යෝජනා ඉදිරිපත් කර ඇති බවද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසති.

කොළඹ පදනම් ආයතනයේ දී අද (16) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

“මම ඉදිරි කාලයේදී මේ රටේ සියලු විද්වතුන්ට ආරාධනා කරනවා.. ජාතික සභාවක් ඇති කරන්න එන්න කියලා. ඒක විකල්ප පාර්ලිමේන්තුවක් වෙයි කියලා මම හිතනවා. මේ රට යා යුත්තේ කොතනටද කියලා ගමින් ගමට ගිහින් මහජනයා දැනුවත් කරන්න කටයුතු කරනවා.

මට දැන් දේශපාලන පක්ෂයක් නැහැ. මගෙත් එක්ක කවුරුත් තරහා වෙන්න ඕන නැහැ. රටට ආදරය කරන සියලු දෙනා මම එකතු කර ගන්නවා.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට කිසිම බලයක් නැහැ.. ජනමත විචාරණයකට තුඩුදෙන ව්‍යවස්ථා සංශෝධනයකට යන්න. මේ ව්‍යවස්ථාව වෙනස් කරන්නේම..විධායකය අහෝසි කරන්නේම..රටේ ඒකීයභාවය අහෝසි කිරීම සඳහායි.

පසුගිය කාලය තුළ බෙදුම්වාදය ගැන කතා කරපු..ත්‍රස්තවාදයට උඩගෙඩි දීපු..ත්‍රස්තවාදය පරාජය කරන්න බැහැයි කියපු..කණ්ඩායමක් විසින් තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදීමේ වගකීම භාර අරගෙන තියෙන්නෙ.” යයි එහිදී රතන හිමියන් පැවසුහ.

හම්බන්තොට වරාය අනූ නව අවුරුද්දකට බදු දීම සාහසික අපරාධයක් බවත් පළාත් පාලන ඡන්දය කල් දැමීම අනුමත කළ නොහැකි බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළහ.

 

Related posts

සිමෙන්ති කොට්ටයක් රු. 500කින් ඉහළට

colombotoday

කථානායකටත් කොරෝනා

colombotoday

“ගිංතොට දී පොලිසිය අසමත්” – පොලිස්පති පූජිත කියයි

colombotoday

තැපැල් සේවකයින් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

colombotoday

ගෑස් පිපිරීම් ගැන සෙවූ කමිටුවෙන් කළ අනාවරණය

colombotoday

බදුල්ලේ නායයෑමේ අවදානමක්

Admin