Colombo Today Local News

ඉස්ලාම් ආගම අතහැරගිය මුස්ලිම් පිරිසක් කොළඹදී සංවිධානගත වෙයි !

ඉස්ලාම් ආගම හැර ගිය මුස්ලිම් ජාතිකයින් පසුගියදා “පූර්ව මුස්ලිම් ජාතීන්” නමින් සංවිධානයක් පිහිටුවා ගෙන ඇත.

කොළඹ රහසිගත ස්ථානයක හමුවි මෙම සංවිධානය පිහිටුවාගෙන ඇති මුස්ලිම් ජාතිකයින් අතර විවිධ වයස් කාණ්ඩයන්ට අයත් කාන්තා පිරිමි දෙපාර්ශවයේම අය වෙති.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට මෙවන් සංවිධානයක් බිහිවි ඇති අතර පකිස්ථානය මැලේසියාව වැනි රටවලද මෙවන් සංවිධාන ක‍්‍රියාත්මක බව එම සංවිධානයේ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය.

සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ මෙම පිරිස එක් ස්ථානයකට කැදවා ඇති අතර එය සාර්ථක වූ බව හෙතෙම කියා සිටී.මෙම සංවිධාන විසින් කමිටුවක් පත් කරගෙන ඇති අතර එහිදී සම්මත කරගත් යෝජනා 11ක් ඉදිරියේදි රජයට හා මාධ්‍ය වෙතට ඉදිරිපත් කිරීමටද එකග වී ඇත

ඉස්ලාම් ආගම අතහැරීමට හේතුවූ කාරණාද මෙම රැස්වීමට සහභාගී වූ මුස්ලිම් ජාතිකයින් විසින් සාකච්ජා කොට තිබේ

අජිත් අලහකෝන් – දිවයින

Related posts

දෙවනගල පුදබිමේ නාම පුවරුව පොස්ටර් අලවා වනසා දැමූ එජාප සංවිධායකට විරෝධය

colombotoday

ජනපති හොරාගේ අම්මාගෙන් පේන අහයි.. නාහිමිවරුනූත් හෑල්ලුවට ලක් කරයි !

colombotoday

පාර්ලිමේන්තු සභාව නොවැම්බර් 19 දා පස්වරු 1 දක්වා කල් තැබෙයි

colombotoday

මහබාගේ වෙඩිතැබීමට සැකකරුවෙක් අත්අඩංගුවට

Admin

තේ – ඇස්බස්ටස්වල හිරවුණ ප්‍රතිපත්තියක් නැති අපේ විදේශ ප්‍රතිපත්ති

colombotoday

හිටපු ජනපති මැදමුලනේදී ඡන්දය ප්‍රකාශ කරයි

colombotoday