Covid 19

බන්ධනාගාර රැඳවියන් 16,000කට කොවිඩ් මර්දන එන්නත

බන්ධනාගාර ගත රැඳවියන් 16,000කට කොවිඩ් මර්දන එන්නත දැනට ලබාදී ඇතැයි බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

තවත් රැඳවියන් පන්දහසකට පමණ කොවිඩ් මර්දන එන්නත ලබාදීමට කටයුතු කරගෙන යන බවද හෙතෙම සඳහන් කරයි.
බන්ධනාගාර ගතව සිටින රැඳවියන් සංඛ්‍යාව 21,000කි.

මහනුවර බන්ධනාගාරයේ රැඳවියන්ට මොඩර්නා එන්නත ලබා දුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

රැඳවියන්ට එන්නත ලබාදෙන්නේ බන්ධනාගාරවල කොවිඩ් පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස යැයි බන්ධනාගාර ප්‍රධානීහු පවසති.

බන්ධනාගාර රැඳවියෝ දහසකට වැඩි පිරිසක් කොවිඩ් වෛරසයට මෑත කාලයේදී ගොදුරු වූහ.

Related posts

වඳුරඹ පොලිසියේ ස්ථානාධිපති ඇතුළු 8කට කොවිඩ්

colombotoday

කොළඹ මහා නගර සභා මන්ත්‍රීවරයෙකුටත් කොරෝනා

colombotoday

කාන්තන්කුඩිය තවදුරටත් හුදකලා කරයි.

colombotoday

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට කොවිඩ්.

colombotoday

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියටත් කොවිඩ්

colombotoday

දෛනික ආසාදිතයින් 351ක්

colombotoday