Colombo Today Local News

අජිත් රෝහණ සුවවී ගෙදර යයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිතීඥ අජිත් රෝහණ මහතා සම්පූර්ණ සුවය ලැබීමෙන් අනතුරුව අද (27)දින දහවල් රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

රෝගය වැළඳුණු බව දැනුණු පළමු අවස්ථාවේදී ම ‍ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යාවශ්‍ය කරුණක් බව අජිත් රෝහණ මහතා පවසා තිබේ.

මේ වන විට තමන් යහපත් සෞඛ්‍යය තත්ත්වයක පසුවන බවත් තමන් අද දින යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් නැවත නිවෙස වෙත යන්නේ එම ක්‍රියා පිළිවෙත අනුගමනය කිරීම නිසා බවත් ඔහු පවසයි.

මෙම රෝගය කිසිසේත් සුළුකොට තැකීම සිදු නොකළ යුතු අතර තවත් සති දෙකක් පමණ කාලයක් නිවසේ විවේක ගැනීමෙන් අනතුරු ව සිය රාජකාරි කටයුතු ආරම්භ කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර තිබේ.

තමන්ගේ දුක සැප සොයා බැලූ සැමට සිය ස්තූතිය පුද කරන බවත් තමා අසාධ්‍ය තත්වයෙන් සිටින බවට අසත්‍ය ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයන්ට තම අනුකම්පා දක්වන බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Related posts

රත්නපුර බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් දරුණු අනතුරක්

Admin

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙට සිට

Admin

ජනපති පිලිපීන ජනාධිපති හමුවේ

colombotoday

ලක්ෂ තුනහමාරක් වටිනා සොරාගත් රන් මාලය ගිලලා..

colombotoday

අගමැති මහින්දගේ තීරණයට GMOA විරෝධය…

colombotoday

පොලිස් වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යයි.. යාපනයේ උණුසුම් තත්ත්වයක්

colombotoday