Colombo Today Local News

ඉදිරි පැය 24දීත් ප්‍රදේශ රැසකට තද වැසි

බස්නාහිර, සබරගමුව , මධ්‍යම පළාත සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මි. 100 වැඩි වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, ඌව පළාතේත් අම්පාර, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස 2.00 න්පමණ පසු ස්ථාන ස්වල්පයකවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

මේ අතර දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තු වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැකි බව ඉදිරි පැය 24 සඳහා නිකුත් කළ කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණුවලින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

තවත් ගල් අඟුරු නෞකාවක් අද දිවයිනට

Admin

ඉන්දුනිසියානු “සෝජාන් වගා ක්‍රමය” ශ්‍රී ලංකාවට

colombotoday

මුහුද රළු වෙයි.. මීටර් 3.5ක් දක්වා රළ ඉහළ යා හැකියි.. වෙරළබඩ ජනතාවට අනතුරු අගවයි

colombotoday

මහින්දගේ අලුත් පක්ෂයේ පළමු මාධ්‍ය නිවේදනය නිකුත් වෙයි.. සංවේදී පුවතකින් මාධ්‍ය සටන අරඹයි

colombotoday

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඇතුළු ආයතන කීපයක් ඈවර කිරීමට සූදානම්

Admin

ගාල්ලේ ජනපති ශිෂ්‍යත්වය “සුළඟ” කඩා කප්පල් කරයි

Admin