Colombo Today Local News

සුපිරි කැසිනෝවත් අරන් ජේම්ස් පැකර් නැවත එයි!


ලෝකයේ අංක එකේ කැසිනෝ ව්‍යාපාරිකයා වන ක්‍රවුන් කැසිනෝ සමාගම් සමූහයේ ප්‍රධානියා වන ජෙම්ස් පැකර් ඩොලර් මිලියන457ක වටිනාකමකින් යුතු සුපිරි පහසුකම්වලින් සමන්විත ක්‍රවුන් හෝටලයේ ආයෝජනය සමඟ නැවතත් මෙරටට පැමිණීම සඳහා එකඟතාව පළ කර ඇති බව විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට පෙර අවස්ථා කිහිපයක දී ජෙම්ස් පැකර් අදාළ ව්‍යාපෘතිය සමඟ මෙරට ආයෝජනය සඳහා පැමිණීමට සූදානම්ව සිටියත් රට තුළ මතු වූ විරෝධතා හේතුවෙන් ඔහුට එම අවස්ථාව අහිමි විය.

වාර්තා වන ආකාරයට ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනකු සමඟ සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව ඇති කරගත් එකඟතාව මත නැවත මෙරට ආයෝජන කිරීම සඳහා පැකර් සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර මීට පෙර අත්හැර දැමුණු මිශ්‍ර ආයෝජන ව්‍යාපෘතිය අනුමත කර ගැනීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කෙරෙන තෙක් දැනට දේශීය පවතින කැසිනෝ බලපත්‍ර උපයෝගී කරගෙන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව ඇත.

ඒ අනුව මීට පෙර අදාළ ආයෝජනය සඳහා වෙන් කරගෙන තිබූ ඩී.ආර්. විජයවර්ධන මාවතේ පර්චස්500 බිම් කොටස තුළ මහල් 36 කින් සමන්විත ‘කොළඹ ක්‍රවුන්’ නම් අතිසුඛෝපභෝගී හෝටලය ආයෝජන මණ්ඩලය යටතේ සිදු කරන ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට නියමිතව ඇති අතර පැකර්ගේ මෙවර ආගමනය සඳහා ද දේශීය ව්‍යාපාරික සහකරු වශයෙන් රෑන්ක් හෝල්ඩිංගස් සමූහයේ අධිපති කෝටිපති ව්‍යාපාරික රවී විජේරත්න  කටයුතු කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

දින තුනක් වයසැති බිළිදියක රෝහල පිටුපස දාමා ගිහින්

Admin

ට්‍රැක්ටර් රථයක් මාර්ගයේ බාධක දා නවතා තුනකට තඩිබෑ 11ක් අත්අඩංගුවට

Admin

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය ගැන ගත් අලුත් තීරණය වසර තුනකින් කල් දමන්නැයි ඉල්ලිමක්

Admin

ජනපතිට යාපනය අධිකරණය නිකුත් කර තිබූ සිතාසිය අභියාචනාධිකරණය බලරහිත කරයි

colombotoday

අලුත් ආණ්ඩුවේ සහන මල්ල ලිහයි… බදු තොගයක් අහෝසියි… VAT දෙගුණයකින් පහළට !

colombotoday

සුරකිමු ගංඟා වැඩසටහන ඇරඹේ

colombotoday