Colombo Today Local News

බස්නාහිර රෝහල් රැසකදී අවුරුදු 12ට වැඩි සංකූලතා සහිත දරුවන් එන්නත්කරණය අද

බස්නාහිර පළාතේ මූලික සහ ඉන් ඉහළ සියලුම රෝහල්වලදී අද(27)දින සිට අවුරුදු 12 න් ඉහළ සංකුලතා සහිත දරුවන් එන්නත්කරණය කෙරෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

වයස අවුරුදු 12 ත් 19 ත් අතර, ආබාධිත සහිත දරුවන් සඳහා එන්නත්කරණය, රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදු කෙරෙන බව වෛද්‍ය ජී.විජේසුරිය මහතා පවසයි.

මේ අතර වෛද්‍ය ජී.විජේසුරිය මහතා සඳහන් කළේ, දිවයිනේ අනෙකුත් රෝහල්වලදී මෙම එන්නත ලබා දීමට කටයුතු කරන බවත්, එය බොහෝ විය මෙම සතියේ මැදදී සිදු වන බවත් ය.

කොරෝනා වැළඳුණු සංකුලතා සහිත දරුවන් 16 දෙනෙකු මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බව ද ඔහු සඳහන් කරයි.

බොහෝ දුරට මෙම රෝගය කොරෝනා වැළදීමෙන් පසු සති 2 ක් ඇතුළත වැළදෙයි.

අධික උණ , වමනය , මූණ හා කට රත් පැහැ ගැන්වීම , ඇස් රතු වීම ,බ‌ඩේ කැක්කුම ආදිය මෙහි රෝග ලක්ෂණ බව වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසයි.

Related posts

දෙවැනි නිවාඩුවත් ළගයි වගේ පේනවලු.. සටහනක් තබා, ගම්මන්පිල පොලීසි යයි !

colombotoday

SF ලොකූ අත්අඩංගුවට ගැනීමට පෙර සොයිසාගේ ඝාතනය ගැන වීඩියෝවකින් කී ආන්දෝලනාත්මක කතාව

colombotoday

රවී සැගවුණු තැන ගැන මහින්දගෙන් ඔත්තුවක් !

colombotoday

ෆෙඩරල් ගැන දෙමළ ජනමතය දැනගන්න සම්බන්ධන් උ/නැගෙනහිරට ජනමත විචාරණයක් ඉල්ලයි

colombotoday

සාමාන්‍ය පෙළ උඩින්ම දිනූ විශිෂ්ඨයෝ මෙන්න

colombotoday

කොටි වළ දැමූ රත්තරන් සොයා මුලතිව් – ශිවනගර්හි කැණීම්

colombotoday