Colombo Today Local News

“උ/නැගෙනහිර එක් නොකර වෙන කිසිම විසදුමක් එපා.. ඒකීය රාජ්‍යයත් එපා“ – ද්‍රවිඩ සන්ධානය

උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමෙන් තොරව කිසිදු විසඳුමක්‌ පිළිගන්නේ නැතැයි ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්පන්ධන් ද්‍රවිඩ සන්ධානයට සම්බන්ධ පක්‍ෂ හතරේ නායකයන් අමතා ප්‍රකාශ කර ඇත.

යෝජිත ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි, ප්ලොට්‌, ඊ.පී.ආර්.එල්.එµa. සහ ටෙලෝ යන පක්‍ෂවල නායකයන් සමඟ මෙම සාකච්ඡාව පවත්වා තිබේ.

එසේම ඒකීය රාජ්‍ය ක්‍රමය යටතේ විසඳුමක්‌ බාර ගැනීමට ද්‍රවිඩ සන්ධානය සූදානම් නැතැයි සම්බන්ධන් පවසා ඇත.

මෙම සාකච්ඡාවේදී තවදුරටත් කරුණු දැක්‌වූ සම්බන්ධන් ද්‍රවිඩ ජනතාවගේ අරමුණු ඉටු නොවන කිසිදු විසඳුමක්‌ පිළි නොගන්නා බවට ද්‍රවිඩ ජනතාවට පොරොන්දු වන බවද සඳහන් කර තිබේ.

මේ අතර ද්‍රවිඩ සන්ධානයට සම්බන්ධ පක්‍ෂ පැවසුවේ රජය සහ ද්‍රවිඩ සන්ධානය අතර පවත්වන සාකච්ඡාවල තොරතුරු තමන්ට දැනුම් දිය යුතු බවයි.

Related posts

ආබාධිත රණවිරු ප්‍රහාරයට එරෙහිව ප්‍රංශයේ ලාංකික දේශප්‍රේමීන් විරෝධයේ !

colombotoday

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට ජනපති තීරණය කළා – ඇමති නවීන්

colombotoday

ඉදිරි සතියේ අධිකරණ කටයුතු සීමා කෙරේ

colombotoday

වෙසක් සතිය අදින් ඇරඹෙයි

Admin

පස්සර – නමුණුකුල මාර්ගයේ ගමනාගමනය නවතී

Admin

බේරේ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් ගැන කඩිනම් වාර්තාවක් ඉල්ලයි

Admin